දරුවෙක් ලැබෙන්න ඉන්නකොට ගුවන් ගමන් තහනම්ද?

    0
    57

    මවක් තම කුසයේ සිටින දරුවා රැකගැනීමට මහත් සේ වෙහෙසක් ගන්නවා. ඇගේ ආහාර පාන, ජීවන රටාව වගේම ගමන් බිමන් පවා කුසයේ සිටින දරුවාගේ ආරක්ෂාව සහ නීරෝගිතාව වෙනුවෙන් කැප කරනවා. එවැනි ප්‍රශ්න අතර ගැබිණි කාලයේදී ගර්භණී මවකට ගුවන් ගමන් සුදුසුද යන්න බොහෝ මව්වරුන්ට ඇතිවන ගැටලුවක්.

    ගුවන් ගමනක් කියන්නේ දිගු කාලයක් ගත වන ගමනක්. මේ කාලය තුළ ඇය නිශ්චලව සිටින නිසා පාදවල ශිරා තුළ ලේ කැටි ගැසීමට ඉඩ තිබෙනවා. මේ රෝග තත්ත්වය Deep vein Thrombosis යනුවෙන් හැඳින්වෙනවා. මේ අන්දමින් පාදවල ඇති රුධිර කැටි ශිරා දිගේ පැමිණ පෙනහලුවල නහර අවහිර කරනවා. එම අවහිරතාව නිසා Pulmonary Embolism නමැති මාරාන්තික රෝග තත්ත්වය ඇතිවීමට ඉඩ තිබෙනවා. හැම ගුවන් ගමනකදීම Deep vein Thrombosis ඇතිවීමටත් අවදානමක් නැහැ. ඇගේ ගමනාන්තය පැය හතරකට වඩා අඩු නම් එවැනි ලේ කැටි ගැසීමට ඇති අවදානම අඩුයි.

    ගර්භණී මවගේ ගුවන් ගමන් මාර්ගය දීර්ඝ නම් ආරක්ෂාව වෙනුවෙන් අනුගමනය කළ හැකි විකල්ප ගැනත් අවධානයක් දැක්වීම වැදගත්.

    මේ අන්දමින් රුධිර කැටිගැසීමේ අවදානම ඇති අය ගැනත් හඳුනාගැනීම වැදගත්. සාමාන්‍ය ගර්භණී කාන්තාවකට වඩා මෙවැනි අවදානම් සාධක ඇති ගර්භණී කාන්තාවකට පාදවල රුධිර කැටි ගැසීමට වැඩි අවදානමක් තිබෙනවා.

    ගුවන් ගමන්වල යෙදීම ගර්භණීත්වයේදී ගැටලුවක් නැතැයි කිව්වත් ඇතැම් ගර්භණී මව්වරුන්ට එම අවවාදය ගැළපෙන්නේ නැහැ. ඔවුන්ගේ ගර්භණීත්වයේ ඉතිහාසය සහ පවතින රෝග තත්ත්වයන් අනුව කනගාටුවෙන් වුණත් දරු ප්‍රසූතිය සිදුවන තෙක් ගමන ප්‍රමාද කිරීමට හෝ ගමන වෙනුවෙන් ඔබ විසින්ම වාරණයක් පනවා ගත යුතු වනවා. පහත දැක්වෙන හේතු කාරණා ඔබටත් ඇත්නම් ඔබත් ගුවන් ගමනක් වෙනුවෙන් සුදුසුකම් නොලබන ගර්භණී කාන්තාවක් යැයි නිර්දේශ වෙනවා.

    ඒ වගේම දරු ගැබට සති 28 කට වඩා වැඩි නම් ගුවන් ගමනක් වෙනුවෙන් යෝග්‍ය බවට ලිපියක් ඔබේ වෛද්‍යවරයාගෙන් ලබාගෙන එය ගුවන් සේවාවට ඉදිරිපත් කිරීමත් වැදගත්.එසේ නම් ඔබ වගේම ඔබ කුස දරණ නූපන් දරු පැටියාගේද ආරක්ෂාව සහිතව ගුවන් ගමනක යෙදීමට නම් ඒ වෙනුවෙන් අදාළ පරිදි කටයුතු කරන්න.

    පුන්‍යා චාන්දනී ද සිල්වා

    navaliya.lk

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here