IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ගීතා ගෝපිනාත්

0
30

IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ගීතා ගෝපිනාත්

ඉකුත් 2005 වසරින් පසුව පළමු වරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂකවරයකු මෙරට සංචාරය කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.


ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ගීතා ගෝපිනාත් මේ මස 15 සහ 16 යන දෙදින මෙරට සංචාරයක නිරතවීමට නියමිතය.

මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ව සංවිධානය කරන ‘ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්වයට පත් කිරීම: ණය සහ පාලනය’ යන සමුළුවේ විශේෂ ආරාධිතයකු ලෙසද ඇය සහභාගි වේ. මෙම සමුළුව මෙමස 16 වැනිදා පැවැත්වේ.

මෙම සමුළුවේදී සාර්ව ආර්ථික ස්ථායිතාව ළඟා කර ගැනීම, ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ පාලනය සම්බන්ධයෙන් මෙරට අත්දැකීම් සහ ඉදිරි අභියෝග පිළිබඳව සාකච්ඡා කෙරේ.

ශ්‍රී ලංකාව සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පවතින සබඳතා පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සහ සෙසු ප්‍රධාන කොටස්කරුවන් සමඟ ඇය මෙම සංචාරයේදී සාකච්ඡා කිරීමට ද නියමිතය.

theleader

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here