පොදුරාජ්‍ය මණ්ඩලීය කබඩි තරගාවලිය 2026: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පළමු කාන්තා අර්ධ අවසන් පූර්ව තරගය තහවුරු වෙයි

0
11

2026 පොදුරාජ්‍ය මණ්ඩලීය කබඩි තරගාවලියේ (Commonwealth Kabaddi Championship 2026) කාන්තා අංශයේ මූලික වටයේ තරග නිමාවට පත්වෙමින් පැවැත්වෙන අතර, කෙන්යා කාන්තා කණ්ඩායම ලැබූ ජයග්‍රහණයත් සමඟ ප්‍රථම අර්ධ අවසන් පූර්ව (Semi-Final) තරගයේ මුහුණුවර නිල වශයෙන් තහවුරු වී තිබේ.

ඒ අනුව, තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායම් දෙකක් වන ඉන්දීය කාන්තා කබඩි කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කබඩි කණ්ඩායම ප්‍රථම අර්ධ අවසන් පූර්ව තරගයේදී එකිනෙකා හමුවීමට නියමිතය.

මූලික වටයේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් කණ්ඩායම් දෙකම අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇති අතර, අවසන් මහා තරගය සඳහා වරම් ලබාගැනීමට දෙපිලම සටන් වදින මෙම තරගය අතිශය උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි ක්‍රීඩා විචාරකයෝ අපේක්ෂා කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here