පෝලන්තයේදී පැවැති 20න් පහළ කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ස්පාඤ්ඤය සමත් විය.
පසුගිය සැප්තැම්බර් 27 දා පැවැති අවසන් මහා තරගයේදී උතුරු කොරියාවට එරෙහිව සාමාන්‍ය සහ අමතර කාලය තුළ ගෝල වාර්තා නොවීම හේතුවෙන්, තරගයේ තීරණය දඬුවම් පහර මඟින් තීරණය කෙරිණි. එහිදී උතුරු කොරියාව 4-3ක් ලෙස පරාජය කරමින් ස්පාඤ්ඤ ගෝල රකින්නිය වන ලායා ලෝපෙස් (Laia Lopez) ලබාගත් දඬුවම් පහර රැකගැනීම් දෙකක් මත ස්පාඤ්ඤයට ජය හිමි විය.
සටහන
කල්පනී ෂමල්කා




