අන්තර්ජාලය තුළ කාන්තාවන් පරිස්සම්ද?

    0
    3

    අපි අපේ දවස පටන් ගන්නේම තාක්ෂණයත් එක්කයි. ෆෝන් එකක්, සෝෂල් මීඩියා හෝ AI තාක්ෂණය නැති දවසක් ගැන හිතන්නත් බැරි තරමටම මේ තත්වය අපේ ජීවිතයටම බද්ධ වෙලා. ඒත්, මේ ඩිජිටල් ලෝකය කාන්තාවන්ට සහ දැරියන්ට කොතරම් ආරක්ෂිතද?

    බ්‍රිතාන්‍යයේ කාන්තා සුබසාධන පුණ්‍යායතනයක් වන Refuge ආයතනය සහ කාන්තාවන්ට එරෙහි හිංසන නැති කිරීමට ක්‍රියා කරන EVAW සංවිධානය එක්ව අද එනම් සැප්තැම්බර් 29 වන දා “Dangerous by Design” නමින් අලුත්ම වාර්තාවක් එළිදැක්වූවා.

    එයින් කියැවෙන පරිදි, බ්‍රිතාන්‍යයේ සෑම කාන්තාවකගෙන් එක් අයෙකුම අන්තර්ජාලය තුළ විවිධ හිරිහැර සහ ප්‍රචණ්ඩත්වයන්ට මුහුණ දී තිබෙනවා. විශේෂයෙන්ම වයස 16ත් 24ත් අතර තරුණියන්ගෙන් අඩකට ආසන්න පිරිසක් මේ තත්ත්වයට මුහුණ දී සිටීම ඉතා අභාග්‍යසම්පන්න කාරණයක්.

    මෙහිදී තවත් බරපතළ කාරණයක් ලෙස ඉස්මතු වී ඇත්තේ AI චැට් පද්ධති භාවිතයයි.

    තරුණියන් බොහෝ දෙනෙක් මේවා පාවිච්චි කළත්, ඉන් ලැබෙන ඇතැම් උපදෙස් ආරක්ෂිත හෝ යෝග්‍ය මට්ටමක නැති බව වර්තමාන සමාජය ඕනෑ තරම් උදාහරණ පෙන්වා දෙනවා.

    ඒ නිසා, තාක්ෂණික සමාගම් තවදුරටත් ලාභය ගැන පමණක් නොසිතා, අන්තර්ජාලය තුළ කාන්තාවන්ගේ සහ දැරියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට දැඩි නීති සහ ක්‍රමවේද ගෙන ආ යුතු වෙනවා මෙන්ම මෙම තාක්ෂණයන් හරහා ඇතිවිය හැකි හානිකර තත්ත්ව පිළිබඳ අවදානයට ගෙන ඒවා ධනාත්මක භාවිතා කරන්නටත් විශේෂයෙන් කාන්තා ප්‍රජාවගේ ඩිජිටල් දැනුවත්භාවය ඉතා වැදගත්.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here