චනිත්මා සෙනලිගෙන් ආසියානු ක්‍රීඩා උළෙලේදී විශිෂ්ට ජයක්

0
4

2026 සැප්තැම්බර් 23 වැනි දින පැවැති 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ ස්කොෂ් කාන්තා කේවල තරගයේදී චීනයේ ලියු ශියී (Liu Ziyi) පරාජය කිරීමට ශ්‍රී ලංකාවේ චනිත්මා සෙනලි සමත් විය.

පළමු වටය ලකුණු 11-9ක් ලෙස ජයගත් චනිත්මා, ඊළඟ වට දෙක 6-11ක් සහ 3-11ක් ලෙස පරාජය විය. එහෙත්, දැඩි පීඩනයක් මධ්‍යයේ යළි ක්‍රීඩාවට පිවිසි ඇය අවසන් වට දෙකම 11-4 සහ 11-4ක් ලෙස පහසුවෙන් ජයගනිමින් (3-2ක් ලෙස) තරගය තමන් සතු කරගත්තාය. මෙම ජයග්‍රහණයත් සමඟ ඇය තරගාවලියේ මීළඟ වටය (Pre-quarterfinals) සඳහා සුදුසුකම් ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here