කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ගෝලීය යෝජනාවට ශ්‍රී ලංකාවේත් සහාය

0
21

එක්සත් ජාතීන්ගේ තෙවැනි කමිටුවේදී (UN Third Committee) පැවති සාකච්ඡාවලින් අනතුරුව පැවති ඡන්ද විමසීමේදී, අතිමහත් බහුතර සාමාජික රටවල් සංඛ්‍යාවකගේ එකඟතාවයෙන් මෙම යෝජනාව සම්මත විය. ඒ අනුව, රටවල් 175ක් මෙම යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර, ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ එක් රටක් පමණි. රටවල් හයක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

ලොව සෑම කලාපයක්ම නියෝජනය කරමින් රටවල් රැසක් කාන්තාවන් සහ ගැහැණු ළමුන් මුහුණ දෙන හිංසනයන්ට එරෙහිව ශක්තිමත් ආරක්ෂාවක්, වගවීමක් සහ නව වැඩපිළිවෙළක් වෙනුවෙන් පෙනී සිටීම, එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ මානව හිමිකම් සම්බන්ධයෙන් පළ වූ ප්‍රබලතම ජාත්‍යන්තර එකඟතාවක් ලෙස සැලකේ.

මෙම ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකාව ද ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයට එරෙහිව ගන්නා ජාත්‍යන්තර ක්‍රියාමාර්ග සමඟ සිය එකඟතාව තහවුරු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here