ශ්‍රී ලංකා කාන්තා චෙස් ශූරියන් 46 වන චෙස් ඔලිම්පියාඩ්හි ‘සී’ කාණ්ඩයේ ප්‍රථම ස්ථානයට!

0
8

ලෝක චෙස් ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකා නාමය රන් අකුරින් සටහන් කරමින්, 46 වැනි FIDE ලෝක චෙස් ඔලිම්පියාඩ් තරගාවලියේ ‘සී’ කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා චෙස් කණ්ඩායම සමත්ව තිබේ.

වට 10ක් අවසානයේ විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාව තරග ප්‍රසාද ලකුණු 14ක් රැස් කර ගනිමින් පෙරමුණ ගත් අතර, දෙවැනි ස්ථානයේ පසුවන කණ්ඩායම් ලබා ඇත්තේ ප්‍රසාද ලකුණු 11ක් පමණි. අවසන් වටයේදී ලබාගත හැකි උපරිම ලකුණු සංඛ්‍යාව 2ක් බැවින්, කිසිදු කණ්ඩායමකට තවදුරටත් ශ්‍රී ලංකාව අභිබවා යාමට නොහැකි වේ.

මෙම ජයග්‍රහණයේ ඇති අගය තවත් වැඩි වන්නේ කණ්ඩායමේ සමස්ත ශ්‍රේණිගත කිරීමේ ඉහළ යෑමයි. තරගාවලිය ආරම්භයේදී 77 වැනි ශ්‍රේණිගත කිරීමේ කණ්ඩායම ලෙස පිවිසි ශ්‍රී ලංකාව, වට 10ක් නිම වන විට ලෝකයේම ප්‍රබල කාන්තා කණ්ඩායම් අතර 18 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සමත් විය. ලෝක චෙස් පිටියේ දැවැන්තයන් මවිත කරමින් ඔවුන් තැබූ මේ අපූරු පිම්ම මුළු රටටම ගෙන එන්නේ දැවැන්ත අභිමානයකි.

මෙම ගමන පුරාම අපේ ක්‍රීඩිකාවන් පෙන්නුම් කළ නොපසුබස්නා උත්සාහය, එකමුතුකම සහ කැපවීම අගය කළ යුතු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here