ප්‍රකට ස්වීඩන් සූපවේදිනී කැලොලා මැග්නසන් එළැඹෙන ඔක්තෝබරයේදී මෙරටට

0
14

ආහාර ලෝලීන්ට, විශේෂයෙන්ම විවිධ රස අත්දැකීම් අත්හදා බලන්න ප්‍රිය කරන ඔබට මෙන්න අපූරු ආරංචියක්! ප්‍රකට ස්වීඩන් සූපවේදිනී සහ Carolas Eko ආයතනයේ නිර්මාතෘ මෙන්ම ප්‍රධාන විධායක නිලධාරිනිය වන කැලොලා මැග්නසන්ගේ ප්‍රධානත්වයෙන්, මෙම ඔක්තෝබර් මාසයේදී කොළඹ සිනමන් ලේක්සයිඩ් (Cinnamon Lakeside Colombo) හෝටලයේදී විශේෂ ස්වීඩන් සම්ප්‍රදායේ සූපවේදී අත්දැකීම් දෙකක් මෙරටට ලබාදීමට නියමිතය.

තිරසර සහ පෝෂ්‍යදායී ආහාර පිසීමේ ක්‍රමවේදයන්ට මෙන්ම, ස්වීඩන් සම්ප්‍රදායන් සහ නවීන සූපවේදී සංකල්ප එකතු කිරීමේ විශේෂඥතාවක් ඇති සුපවේදිනී කැරොලා, මෙවර කොළඹට පැමිණෙන්නේ ස්වීඩන් සිනමන් බන් සංස්කෘතිය සහ සුවිශේෂී නෝඩික් (Nordic) රාත්‍රී භෝජන අත්දැකීමක් රසිකයන්ට සමීප කරමිනි.

ඔක්තෝබර් මස 04 වන දින සිනමන් ලේක්සයිඩ්හි The Lounge හිදී පස්වරු 3:30 සිට 5:30 දක්වා මෙම විශේෂ හයි ටී අත්දැකීම පැවැත්වේ. ස්වීඩනයේ ඉතා ජනප්‍රිය සම්ප්‍රදායක් වන නැවුම් සිනමන් බන් (Cinnamon buns) සමඟින් හයි ටී රස විඳගැනීමට මෙහිදී අවස්ථාව උදා වේ.

ඔක්තෝබර් මස 16 සහ 17 යන දිනවල සවස 7:00 සිට රාත්‍රී 10:30 දක්වා ‘8 ඩිග්‍රීස්’ (8 Degrees) හිදී මෙම රාත්‍රී භෝජන සංග්‍රහය ක්‍රියාත්මක වේ. සිනමන් ලේක්සයිඩ්හි මනරම් වැව් පසුබිමක දිග හැරෙන මෙම සුවිශේෂී බුෆේ අත්දැකීම හරහා, ස්වීඩන් සහ උතුරු යුරෝපීය (Nordic) රටවල නැවුම් හා සරල ආහාර රටාවන්හි සැබෑ රසය අත්විඳිය හැක.

ශ්‍රී ලාංකීය රසිකයන්ට ලෝකයේ විවිධ රටවල ආහාර සංස්කෘතීන් සමීප කරවීමේ සිනමන් හෝටල් ජාලයේ (Cinnamon Hotels & Resorts) තවත් එක් සුවිශේෂී උත්සාහයක් ලෙස මෙය හැඳින්විය හැකිය.

වැඩිදුර කියවීම් සඳහා
Dailymirror.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here