ශ්‍රී ලංකාව මිස් Miss Universe තරඟය පැවැත්වීමට සූදානම් වෙයි ?

0
6

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නංවාලීම සහ ජාත්‍යන්තර මට්ටමින් මෙරට ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීමේ අරමුණින්, ලෝක ප්‍රසිද්ධ මිස් යුනිවර්ස් තරඟය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමේ හැකියාව පිළිබඳව බලධාරීන් මේ වන විට අවධානය යොමු කර තිබේ. මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, මිස් යුනිවර්ස් සංවිධානයේ නියෝජිතයන් සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.

මෙම සාකච්ඡාව සඳහා මිස් යුනිවර්ස් සංවිධානයේ ගෝලීය හවුල්කාරීත්වයන් පිළිබඳ උප සභාපතිතුමිය වන ඔලිවියා ක්විඩෝ සහ හිටපු ලෝක රූ රැජිනක වන කැරොලයින් ජූරි ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ. මෙවැනි මහා පරිමාණ ජාත්‍යන්තර තරඟයක් මෙරට පැවැත්වීම මඟින් ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණ ස්ථාන, සංස්කෘතිය සහ ආගන්තුක සත්කාර ලෝකයටම පෙන්වා දීමට කදිම අවස්ථාවක් ලැබෙනු ඇතැයි බලධාරීන් අපේක්ෂා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here