ළමා අපරාධ චෝදනා ලැබූවන්ට රාජ්‍ය සේවය තහනම් !

0
7

රාජ්‍ය සේවයට ප්‍රවේශ වන, විශේෂයෙන්ම දරුවන් හා සෘජුව සම්බන්ධ වන රැකියා සඳහා බඳවා ගන්නා පුද්ගලයින් ළමා අපරාධවලට චෝදනා නොලැබූ අය බව තහවුරු කෙරෙන සහතිකයක් ලබා ගැනීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය සඳහන් කළේ, මේ සඳහා වන අදාළ කැබිනට් පත්‍රිකාව යොමු කිරීමට කටයුතු යොදා ඇති බවය.

මේ අනුව පොලීසිය හෝ අදාළ නිල ආයතන මගින් මෙම සහතිකය ලබා ගත යුතු අතර, දැනට රාජ්‍ය සේවයේ නිරතව සිටින නිලධාරීන් ද තම සේවා කඩයිම් සහ වැටුප් වර්ධක ලබා ගැනීමේදී අදාළ කාලපරාසය තුළ තමන් ළමා අපරාධ සඳහා සම්බන්ධ වී නොමැති බවට වූ මෙම සහතිකය අලුත් කර ලබා දිය යුතු බවද අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය,

උපුටාගැනීම
Adaderana.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here