“අවිනිශ්චිත කාලවලට මුහුණ දෙන විට අපි අපේම දෑතින් ජීවිතය ගොඩනගා ගන්න ඉගෙන ගත යුතුයි.”- සෙල්වසෙන්තන් උදයලීලා කියන කතාව

0
40

ශ්‍රී ලංකාවේ පැවති සමාජ-ආර්ථික අර්බුදයෙන් වඩාත්ම පීඩාවට පත් කාන්තාවන් වෙනුවෙන් ජපාන රජයේ මූල්‍ය අනුග්‍රහය ඇතිව එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය (UN Women) විසින් ක්‍රියාත්මක කළ ‘Empowering Women in Crisis’ ව්‍යාපෘතිය හරහා උදයලීලා ඇතුළු කාන්තා මූලික ක්ෂුද්‍ර ව්‍යවසායන් 600කට අධික සංඛ්‍යාවකට සිය ව්‍යාපාර ශක්තිමත් කර ගැනීමට සහ ජීවනෝපාය නගා සිටුවීමට අවශ්‍ය සහයෝගය හිමි විය.

සිය ව්‍යාපාරික ගමනේ ආරම්භය පිළිබඳව අදහස් දක්වමින් උදයලීලා මෙසේ පවසයි,

ඇය පවත්වාගෙන යන පවුලේ ව්‍යාපාරය තුළින් සාම්ප්‍රදායික හා පෝෂ්‍යදායී ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කෙරේ. විවිධ ධාන්‍ය පිටි වර්ග භාවිතයෙන් සකසන පෝෂ්‍යදායී ආහාර මෙන්ම ඖෂධීය ගුණයෙන් යුතු ගෙදරදීම සාදන කෝපි කුඩු ද ඇයගේ නිෂ්පාදන අතර වේ. කොත්තමල්ලි, වියළි ඉඟුරු සහ සූදුරු වැනි දේශීය ඖෂධීය ද්‍රව්‍ය මුසු කරමින් ඇය මෙම කෝපි මිශ්‍රණය නිපදවයි.

ආර්ථික අර්බුදය උග්‍ර වූ සමයේ අමුද්‍රව්‍ය හිඟවීම සහ ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා මිල ගණන් අඩු කිරීමට සිදුවීම වැනි දැඩි දුෂ්කරතාවලට ඇයට මුහුණ දීමට සිදු විය. එම තීරණාත්මක අවස්ථාවේදී UN Women ආයතනයේ පුහුණු වැඩසටහන්වලට සහභාගී වීමට ඇයට අවස්ථාව ලැබී තිබේ.

උදයලීලාගේ ව්‍යාපාරය සැබෑ අර්ථයෙන්ම පවුලේ සියලු දෙනාගේම දායකත්වයෙන් ක්‍රියාත්මක වන්නකි.

ස්වභාවික හා ස්වයංපෝෂිත ආහාර පරිභෝජනය ප්‍රවර්ධනය කරන උදයලීලාගේ මීළඟ අපේක්ෂාව වන්නේ සිය ව්‍යාපාරය සමාගමක් දක්වා දියුණු කර තවත් පිරිසකට රැකියා අවස්ථා උදා කර දීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here