ඩිම්බකෝෂ පිළිකා කල් තබා හඳුනා ගැනීමට නව රුධිර පරීක්ෂණයක්

0
21

බොහෝ විට පිළිකාව ශරීරය පුරා පැතිරී ගිය පසු අනාවරණය වන ඩිම්බකෝෂ පිළිකා, අන්වීක්ෂීය මට්ටමින් පවතින අවධියේදීම හඳුනා ගැනීමට හැකි අණුක සංඥාවක් රුධිරයෙන් සොයා ගැනීමට පර්යේෂකයෝ සමත්ව සිටිති. ‘නේචර් මෙඩිසින්’ (Nature Medicine) සඟරාවේ පළ වූ Blood-based RNA biomarker for the early detection of ovarian cancer නම් මෙම නව අධ්‍යයනයට අනුව, ඩිම්බකෝෂ පිළිකාවල මූලික අවස්ථාව වන පැලෝපීය නාළිකා ආවරණයේ ඇතිවන අන්වීක්ෂීය පූර්ව පිළිකා තත්ත්වයන් සහිත කාන්තාවන්ගේ රුධිරයේ ‘Tu-Stroma’ නම් ආර්.එන්.ඒ. (RNA) අණු මට්ටම ඉහළ ගොස් ඇති බව අනාවරණය වී තිබේ.

මෙම පරීක්ෂණය මගින් බලපෑමට ලක් වූ කාන්තාවන්ගෙන් 92.3%ක් නිවැරදිව හඳුනාගෙන ඇති අතර, නිරෝගී කාන්තාවන්ගෙන් 98.2%ක් නිවැරදිව වෙන් කර හඳුනා ගැනීමට සමත් වී ඇත.

ජානමය අවදානම් සහිත කාන්තාවන් සඳහා මෙය මහත් රුකුලක් වනු ඇතැයි පර්යේෂකයෝ පෙන්වා දෙති. වර්තමානයේ මෙම අවදානම් සහිත කාන්තාවන්ට පැලෝපීය නළිකා සහ ඩිම්බකෝෂ ඉවත් කිරීමේ නිවාරණ ශල්‍යකර්මවලට මුහුණ දීමට සිදුවන්නේ පූර්ව පිළිකා ලක්ෂණ සැබැවින්ම පවතින්නේද යන්න නොදැන ය. එහෙත් මෙම නව රුධිර පරීක්ෂණය මගින් එම අත්‍යවශ්‍ය ජීව විද්‍යාත්මක තොරතුරු ලබා දීමට හැකි වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here