වෛරයෙන් නොව මනුෂ්‍යත්වයෙන් ලොව දිනූ උතුම් ගැහැනියකගේ ආදර්ශය

    0
    37

    මෑත කාලීන සමාජය තුළ පටු සබඳතා සහ ආවේගයන් නිසා සිදුවන ඛේදනීය පුවත් දකින විට, අතීතයේ අපේ රටේ සිටි මේ සුවිශේෂී කාන්තාවන් දෙපළ ලබා දුන් ආදර්ශය සැබවින්ම අගය කළ යුතුයි.

    විජය කුමාරතුංගයන්ගේ ජීවිතය හා බැඳුණු චන්ද්‍රිකා කුමාරතුංග සහ මාලනී ෆොන්සේකා කිසිදා එකිනෙකාට වෛර කළේ නැත. මාලනී කිසිවිටෙකත් චන්ද්‍රිකාට අපහාස නොකළ අතර, චන්ද්‍රිකා මහත්මිය ද මාලනී කෙරෙහි දැක්වූයේ ගෞරවනීය සුහදත්වයකි. තමන්ගේ ආදරය අහිමි වූ තැන පවා අනෙකාට දොස් නොකියා, ඒ මතකයන්ට සහ සබඳතාවන්ට ගරු කරමින් ජීවත් වීම මොනතරම් උතුම් ගුණාංගයක්ද?

    අද කාලයේ සුළු සිදුවීමකට පවා එකිනෙකා මරාගන්නා, නිදි යහනේදී පවා බිරිඳව ඝාතනය කරන තරමට මිනිස් සිත් රුදුරු වී ඇති යුගයක, මේ කාන්තාවන් පෑ නිහඬ ආදර්ශය අපට පවසන්නේ ආදරය සහ මනුෂ්‍යත්වය ඕනෑම පෞද්ගලික වේදනාවකට වඩා උසස්” බවයි.

    කලහයෙන් හෝ වෛරයෙන් තොරව, අභිමානයෙන් යුතුව ජීවත් වන ආකාරය ගැන මේ චරිත දෙස බලා අද පරපුර උගත යුතු පාඩම් බොහෝමයි

    උපුටා ගැනීම ටෙලි ලන්තය

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here