ලන්ඩනයේ පැවැති 2026 ගෝලීය සංචාරක වගකීම් සම්මාන උළෙල (Global Responsible Tourism Awards) ‘විවිධත්වය, සාධාරණත්වය සහ අන්තර්ග්රහණය’ (Diversity, Equity and Inclusion) යන අංශය යටතේ රන් සම්මානය දිනා ගැනීමට ශ්රී ලංකාවේ ‘අඹ යාළු – කණ්ඩලම’ (Amba Yaalu Kandalama) හෝටලය සමත්ව තිබේ.

සම්පූර්ණයෙන්ම කාන්තාවන් විසින් පමණක් පාලනය සහ මෙහෙයවීම සිදු කරනු ලබන මෙම හෝටලයේ කළමනාකරණ අංශයේ සිට නඩත්තු කටයුතු දක්වා වූ හෝටලයේ සමස්ත මෙහෙයුම් ක්රියාවලියම සිදු කරනු ලබන්නේ කාන්තාවන් 92 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් විසින් වීම විශේෂත්වයක්.

රටවල් 24ක් නියෝජනය කරමින් අවසන් වටයට තේරී පත් වූ තරගකරුවන් 34 දෙනෙකු අතුරින් තෝරා ගත් ගෝලීය ජයග්රාහකයින් හයදෙනා අතරට ‘අඹ යාළු – කණ්ඩලම’ ඇතුළත් විය.




