ජනප්‍රිය පොප් ගායිකා මිලී සයිරස් කැලිෆෝනියාවේදී යුගදිවියට

0
5

ග්‍රැමී සම්මානලාභී ජනප්‍රිය පොප් ගායිකා මිලී සයිරස් (Miley Cyrus), සිය දිගුකාලීන පෙම්වතා වූ බෙර වාදක මැක්ස් මොරැන්ඩෝ (Maxx Morando) සමඟ අද (23) කැලිෆෝනියාවේදී විවාහ වී ඇති බව ‘People’ සඟරාව ඇතුළු අමෙරිකානු විනෝදාස්වාද පුවත් වාර්තා කරයි.

හොලිවුඩ් බෝල් (Hollywood Bowl) වේදිකාවේදී දෙදෙනා එක්ව “Let’s Get Married” ගීතය ගායනා කර මාසයකට පසු, පාම් ස්ප්‍රිංස් (Palm Springs) හි පැවැති පෞද්ගලික උත්සවයකදී ඔවුන් මෙලෙස විවාහ ගිවිසගෙන ඇති බව සඳහන් වේ. එම ගීතය සයිරස්ගේ නවතම චිත්‍රාගාර ඇල්බමය වන ‘Bass Persuades’ හි ඇතුළත් නිර්මාණයකි.

මෙම වාර්තා සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා රොයිටර් පුවත් සේවය කළ විමසීම්වලට සයිරස්ගේ හෝ මොරැන්ඩෝගේ නියෝජිතයන් ක්ෂණික ප්‍රතිචාර දක්වා නොමැත. මොරැන්ඩෝ, ඇට්ලැන්ටික් රෙකෝඩ්ස් (Atlantic Records) සමඟ සම්බන්ධ ලොස් ඇන්ජලීස් හි පිහිටි ‘Liily’ නම් විකල්ප රොක් සංගීත කණ්ඩායමේ බෙර වාදකයා ලෙස කටයුතු කරයි.

“Flowers” ගීතයෙන් අතිශය ජනප්‍රිය වූ සයිරස්, මීට පෙර ඕස්ට්‍රේලියානු නළු ලියම් හෙම්ස්වර්ත් (Liam Hemsworth) සමඟ විවාහ වී සිටි අතර, ඔහු 2019 වසරේදී ලොස් ඇන්ජලීස්හිදී දික්කසාදය ඉල්ලා නඩු පවරා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here