පිළිකා රෝගය හඳුනා ගැනීම සහ දරුණු රෝගාබාධයක් හමුවේ ජීවිතයට මුහුණ දීම පිළිබඳව වේල්ස්හි කේට් කුමරිය (Princess Kate) ඉදිරිපත් කරන “Heal” නම් වාර්තා චිත්‍රපටය, එළඹෙන නොවැම්බර් 29 වැනිදා එක්සත් රාජධානියේදී ප්‍රථම වරට විකාශය කිරීමට නියමිත අතර, ඉන් අනතුරුව ජාත්‍යන්තර වශයෙන්ද එළිදැක්වේ.
ඒ අනුව, එක්සත් රාජධානියේ BBC නාලිකාව ඔස්සේ නොවැම්බර් 29 වැනිදා මෙම වාර්තා චිත්‍රපටය විකාශය කෙරෙන අතර, අමෙරිකා එක්සත් ජනපදයේ NBCUniversal ඔස්සේ නොවැම්බර් 30 වැනිදාද, ඕස්ට්‍රේලියාවේ Channel 9 ඔස්සේ දෙසැම්බර් 1 වැනිදාද, කැනඩාවේ CTV ඔස්සේ දෙසැම්බර් 7 වැනිදාද එය ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇත.
2024 වසරේ මුල් භාගයේදී පිළිකා රෝගයට ගොදුරු වූ බව හෙළි වූ කේට් කුමරිය, රසායනික චිකිත්සාව (chemotherapy) ලැබීමෙන් අනතුරුව 2025 ජනවාරි මාසයේදී රෝගය සුව අතට හැරී ඇති බව (remission) නිවේදනය කළාය.

‘The Royal Marsden Cancer Charity’ පුණ්‍යායතනයට සහාය දැක්වීමේ අරමුණින්, පැය 24ක් ඇතුළත ස්කොට්ලන්තයේ, එංගලන්තයේ සහ වේල්සයේ උසම කඳු තරණය කරන ‘National Three Peaks Challenge’ අභියෝගයට කේට් කුමරිය එක්වන අයුරු මෙම වාර්තා චිත්‍රපටයෙන් නිරූපණය කෙරේ. එම අභියෝගය අතරතුර, තමන් මුහුණ දුන් අත්දැකීම් මෙන්ම සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දෙන වෙනත් පුද්ගලයන්ගේ අත්දැකීම් පිළිබඳවද ඇය ආවර්ජනය කරයි. රෝගාබාධයකින් පුද්ගලයෙකුට සිදුවන බලපෑම සහ සුවය ලැබීමට උපකාරී වන පුද්ගලයන්, ස්ථාන සහ අත්දැකීම් පිළිබඳව මෙහිදී ගැඹුරින් සොයා බැලේ.
රෝගය හඳුනා ගැනීම, සුවය ලැබීම සහ පිළිකාවෙන් පසු ජීවිතය යන කරුණු කෙරෙහි මෙම චිත්‍රපටය වැඩි අවධානයක් යොමු කරයි. රෝගය හඳුනා ගැනීමේදී සහ ඉන් පසුව ජීවිතයේ ගුණාත්මකභාවය සහ ශක්තිය පවත්වා ගැනීමට උපකාරී වන සමස්ත පිළිකා සත්කාර සේවා සඳහා ප්‍රවේශය පරිවර්තනය කිරීම කේට් කුමරියගේ අරමුණයි. මෙම වාර්තා චිත්‍රපටය බෙදා හැරීමෙන් ලැබෙන සියලුම ආදායම, පිළිකා රෝගීන්ට සහ ඉන් සුවය ලැබූවන්ට සහාය වීම සඳහා ‘The Royal Marsden Cancer Charity’ වෙත ලබා දීමට නියමිතය.
අමෙරිකා එක්සත් ජනපදයේදී, නොවැම්බර් 30 වැනිදා පැසිෆික් වේලාවෙන් රාත්‍රී 8.00ට NBC නාලිකාව ඔස්සේත්, රාත්‍රී 11.30ට Bravo නාලිකාව ඔස්සේත් “Heal” නැරඹිය හැකි අතර, පසුදින සිට Peacock ඔස්සේ සජීවීව අන්තර්ජාලයෙන්ද නැරඹීමට හැකියාව ලැබේ.
‘Detail Films’ ආයතනය නිෂ්පාදනය කළ මෙම වාර්තා චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ බෙන්ජි ජැක්සන් (Benji Jackson) විසිනි.





