කොළඹ හිටපු නගරාධිපතිනී සහ හිටපු අමාත්‍ය රෝසි සේනානායක ගේ ආදරණීය මෑණියන් වූ බාබරා ඇන්ටොනෙට් රාමනායක (Barbara Antoinette Ramanayake) අභාවප්‍රාප්ත වී තිබේ.
1938 මාර්තු 21 වනදා උපත ලැබූ ඇය අභාවප්‍රාප්ත වන විට 88 වන වියේ පසු වූවාය.
ඇය දිවංගත එරික් රාමනායක මහතාගේ ආදරණීය බිරිඳ වන අතර, ජෙෆ්රි, රෝසි, ශෙරීන්, රේ, නිර්මලා සහ අභාවප්‍රාප්ත සැන්ඩ්‍රා යන අයගේ ආදරණීය මෑණියන් වෙයි.
නිෂාන්ති, රාඩ්ලි, යොලාන්ති, නසාර් සහ අභාවප්‍රාප්ත අතුල යන අයගේ නැන්දම්මා වන ඇය, අෂිකා, කනිෂ්ක, සංජය, තිසකියා, ශෙහාන්, රාධ්යා, රංජය, ෂෙරාලි, රිෂිකා, යෙනුෂ්කා, යෝෂුවා, මරියම්, නයිජල්, රෂෙඩ්, මොහොමඩ්, රීම් සහ ජේසන් යන අයගේ ආදරණීය මිත්තණිය ද වෙයි.
දේහය පිළිබඳ අවසන් කටයුතු
දේහය බොරැල්ලේ පිහිටි ‘The Restpect’ මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර, අප්‍රේල් 29 වන බදාදා පස්වරු 5:30 සිට සහ අප්‍රේල් 30 වන බ්‍රහස්පතින්දා දවස පුරා මහජන ගෞරවය සඳහා විවෘතව පවතී.
අවමංගල්‍ය පෙරහැර අප්‍රේල් 30 වන බ්‍රහස්පතින්දා පස්වරු 3:30 ට මල් ශාලාවෙන් පිටත්වීමට නියමිත අතර, අනතුරුව දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් දැනුම් දී සිටී.




