තරුණ සිත්තරාවියන් තිදෙනෙකුගේ ‘මංගල චිත්‍ර ප්‍රදර්ශනය’ ගාල්ල ජාතික කෞතුකාගාරයේදී

0
6

කලාකරුවෙකුගේ නිර්මාණ චාරිකාවේ වැදගත්ම සන්ධිස්ථානයක් ලෙස සැලකෙන “ප්‍රථම දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය” අභිමානයෙන් යුතුව එළිදැක්වීමට දකුණුලක තරුණ සිත්තරාවියන් තිදෙනෙකු සමත්ව තිබේ.

ශහ්මා රිස්වාන්, නස්මා කාලීම් සහ හසින්දි විතානගේ යන තරුණ ශිල්පිනියන් තිදෙනා එක්ව සංවිධානය කරන මෙම ත්‍රිපුද්ගල මංගල චිත්‍ර ප්‍රදර්ශනය මේ දිනවල ගාල්ල ජාතික කෞතුකාගාර පරිශ්‍රයේදී  පැවැත්වේ.

ශහ්මා රිස්වාන් ගේ සිතුවම්

අප්‍රේල් 29 වන දින සිට මැයි 05 වන දින දක්වා පෙරවරු 9.00 සිට පස්වරු 7.00 දක්වා මහජනතාව සඳහා විවෘතව පවතින මෙම ප්‍රදර්ශනය, තරුණ පරපුරේ නිර්මාණශීලී ප්‍රකාශනයන් සමාජගත කරන සුවිශේෂී අවස්ථාවකි.

පාසල් අධ්‍යාපනය නිම කර උසස් අධ්‍යාපන සිහිනය කරා පියනඟන අවධියක, තමන් සතු සහජ හැකියාවන් හුදෙක් විනෝදාංශයකට සීමා නොකර මෙවැනි ප්‍රදර්ශනයක් මඟින් එළිදැක්වීමට ඉදිරිපත් වීම අගය කළ යුත්තකි. මෙහිදී විශේෂයෙන්ම ශහ්මා සහ නස්මා යන දෙපළ දෘෂ්‍ය කලාව (Visual Arts) හරහා තමන් දකින ලෝකය සහ හැඟීම් වර්ණ හා රේඛා මඟින් ගැඹුරු දර්ශනයක් ලෙස ප්‍රතිනිර්මාණය කර ඇත. හසින්දි විතානගේගේ සහයෝගය සහ නිර්මාණාත්මක දායකත්වය මෙම ප්‍රදර්ශනයට නවාලෝකයක් එක් කරයි.

හසින්දි විතානගේ ගේ සිතුවම්

ගාල්ල ජාතික කෞතුකාගාරය වැනි ඓතිහාසික හා සංස්කෘතික වටිනාකමකින් යුත් පරිසරයක් තම ප්‍රථම ප්‍රදර්ශනය සඳහා තෝරා ගැනීම මඟින් මෙම ශිල්පිනියන්ගේ නිර්මාණවලට නව අභිමානයක් එක් වී ඇත.

සිය අධ්‍යාපන කටයුතුවල නිරත වන අතරතුර, දෘෂ්‍ය කලා ක්ෂේත්‍රයේ වෘත්තීයමය ගමනක ආරම්භය සනිටුහන් කරමින් පවත්වනු ලබන මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ලෙසත්, මෙම නැඟී එන තරුණ කලාකාරිනියන් දිරිමත් කරන ලෙසත් සංවිධායක මණ්ඩලය කලා ලැදි ජනතාවගෙන් ඉල්ලා සිටී. ඔබේ සහභාගීත්වය ඔවුන්ගේ අනාගත කලා ගමනට සහ ආත්ම විශ්වාසය වර්ධනය කරගැනීමට මහඟු පිටුබලයක් වනු ඇත.

theleade

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here