ශ්‍රී ලංකා කබඩි ක්‍රීඩි­කාවෝ රිදි­යෙන් සැර­සෙති

0
26

ආසි­යානු වෙරළ ක්‍රීඩා උලෙළ ඉති­හා­සයේ කබඩි ක්‍රීඩා­වෙන් පළමු රිදී පද­ක්කම දිනා ගැනී­මට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩා­යම ඊයේ සමත් විය.

කාන්තා කබඩි ඉසව්වේ රන් පද­ක්කම වෙනු­වෙන් ඊයේ ප්‍රබල ඉන්දි­යා­වට එරෙ­හිව තරග බිමට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩා­යම තර­ගයේ පළමු භාග­යේදී ප්‍රති­වා­දීන්ට ප්‍රබල සට­නක් දීමට සමත් විය. එම වටය නිමා වන විට ඉන්දි­යාව ඉදි­රි­යෙන් සිටියේ ලකුණු 20-18ක් ලෙසනි. කෙසේ වෙතත් දෙවැනි වටයේ ආක්‍ර­ම­ණ­ශීලි ක්‍රීඩා රටා­වක නිරත වූ ඉන්දීය පිල ලකුණු 27ක් රැස් කරද්දී ශ්‍රී ලංකා පිලට ලබා­ගත හැකි වූයේ ලකුණු 13ක් ලෙසිනි. ඒ අනුව ඉන්දි­යාව ලකුණු 47-31ක් ලෙස රන් පද­ක්කම දිනා ගත්තේය. ඉන්දීය කාන්තා පිල මේ ක්‍රීඩා උලෙළේ කබඩි ඉසව්වේ රන් පද­ක්කම දිනා­ගත්තේ අඛ­ණ්ඩව 6 වැනි වර­ටය. අව­සන් පූර්ව තරග ද්විත්ව­යෙන් පරා­ජය වූ බංග්ලා­දේ­ශය තෙවැනි වර­ටත්, නේපා­ලය පළමු වර­ටත් ලෝකඩ පද­ක්කම් දිනා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩා­ය­මට දිලු­ක්ෂණා විම­ලෙ­න්ති­රන්, හංසිකා කුමු­දිනි, කජෙ­න්තිනි රාජා, මධු­රිකා හංස­මාලි, ප්‍රිය­වර්ණා රස­තු­රෙයි සහ ශානිකා සුද­ර්ශනී ඇතු­ළත් වූ අතර, මධු­රිකා නායි­කාව ලෙස කට­යුතු කළාය.

“මේ ජය­ග්‍ර­හ­ණය ගැන සතු­ටුයි. පළමු වර­ටයි අව­සන් තර­ග­යට පිවි­සියේ. අපි උත්සාහ කළා රන් පද­ක්කම දිනන්න. ඒත් අවා­ස­නා­වන්ත ලෙස එය මඟ­හැ­රුණා. ඊළඟ තර­ගා­ව­ලි­යේදී රන් පද­ක්කම දිනන්න උත්සහ කර­නවා. ඒ වගේම ආසි­යානු ක්‍රීඩා උලෙ­ළේදී ඉන්දි­යා­වට ලොකු තර­ග­යක් ලබා දීමට බලා­පො­රොත්තු වනවා. මෙය ආසි­යානු ක්‍රීඩා තර­ගා­ව­ලි­යක ලබා­ගත් පළමු රිදී පද­ක්ක­මයි. ඒ නිසා සතු­ටුයි.” ජය­ග්‍ර­හ­ණ­යෙන් අන­තු­රුව නායි­කාව පැව­සු­වාය.

මේ අතර පිරිමි අව­සන් පූර්ව වටයේ පළමු තර­ග­යේදී ඉරා­නය හමුවේ පරා­ජය වීමෙන් ශ්‍රී ලංකා පිලට ලෝකඩ පද­ක්කම හිමි විය. දෙවැනි අව­සන් පූර්ව තර­ග­යේදී ඉන්දි­යාව හමුවේ පරා­ජය වූ පාකි­ස්තා­න­යත් ලෝකඩ පද­ක්ක­මට හිමි­කම් කියද්දී මේ ඉසව්වේ අව­සන් තර­ග­යේදී ඉන්දි­යාව පරා­ජය කර­මින් ලකුණු 44-31ක ලෙස රන් පද­ක්කම දිනා ගැනී­මට ඉරා­නය සමත් විය. අව­සන් තර­ගා­වලි 4 තුළදී ඉරා­නය දිනා­ගත් තෙවැනි රන් පද­ක්කම මෙයයි. ඉන්දි­යාව අඛ­ණ්ඩව දෙවැනි වර­ටත් රිදී පද­ක්කම දිනා­ගත් අතර, ශ්‍රී ලංකා­වට ලෝකඩ පද­ක්කම හිමි වූ සිව්වැනි අව­ස්ථාව මෙයයි. ශ්‍රී ලංකා කබඩි පිරිමි කණ්ඩා­ය­මට මිලින්ද චතු­රංග, සමින්ද සන්තුෂ්, ඩිලාන් සංජය, රුවන් සම­ර­කෝන්, මොහො­මඩ් අන්සාෆ් සහ අබිත් අකාර් ඇතු­ළත් වූහ.

මේ සමඟ මෙවර ක්‍රීඩා උලෙ­ළේදී ශ්‍රී ලංකාව දිනා­ගත් පද­ක්කම් සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගිය අතර, පදක්කම් සටහනේ 11 වැනි ස්ථානයට පත්ව තිබිණි. මින් පෙර මලල ක්‍රීඩා­වෙන් රිදී පද­ක්ක­මක් සහ ලෝකඩ පද­ක්කම් 3ක් ශ්‍රී ලංකාවට හිමි විය. මේ ක්‍රීඩා උලෙළේ වෙරළ මල්ල­ව­පොර ඉසව්ව අද ආරම්භ වීමට නිය­මිත අතර, ශ්‍රී ලංකා­වෙන් ක්‍රීඩ­ක­යන් දෙදෙ­නකු සහ ක්‍රීඩි­කා­වන් දෙදෙ­නකු තරග බිමට පිවි­සෙති.

නිරෝ­ෂාන් ප්‍රියං­කර

dinamina

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here