ලේඩීස් සර්කල් ශ්‍රී ලංකා සංවිධානයේ නව වසරක ප්‍රජා මෙහෙවර ඇගයෙයි

0
3

දිවයින පුරා විසිරී සිටින සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සභා වාරයේදී, පසුගිය වසර තුළ ප්‍රජා සේවාව, නායකත්වය, පරමාදර්ශී මිත්‍රත්වය සහ ජාත්‍යන්තර නියෝජනය උදෙසා ඉටුකළ සුවිශේෂී කාර්යභාරය ඇගයීමට ලක් කෙරිණි. “මිත්‍රත්වය සහ සේවය” (Friendship and Service) යන ජාත්‍යන්තර තේමාව පෙරදැරි කරගනිමින් ක්‍රියාත්මක වන මෙම සංවිධානය, කැපවීමෙන් කටයුතු කරන කාන්තාවන් එකමුතු වූ විට සමාජය තුළ සැබෑ වෙනසක් ඇති කළ හැකි බව යළිත් තහවුරු කර ඇත.

2017 වසරේදී මහා බ්‍රිතාන්‍යයේ සහ අයර්ලන්තයේ ලේඩීස් සර්කල් සංවිධානය හරහා ස්ථාපිත කරන ලද ලේඩීස් සර්කල් ශ්‍රී ලංකා සංවිධානය, වයස අවුරුදු 18 ත් 45 ත් අතර තරුණ කාන්තාවන්ගෙන් සමන්විත ක්‍රියාකාරී සංවිධානයකි. රවුන්ඩ් ටේබල් ශ්‍රී ලංකා (Round Table Sri Lanka) සංවිධානයේ සහෝදර සංවිධානයක් වන මෙය, සැබෑ නායකත්වය යනු කැපවීම, සහයෝගීතාවය සහ ප්‍රජාව සුවපත් කිරීම බව දැඩි ලෙස විශ්වාස කරයි. 1932 වසරේදී ආරම්භ වී රටවල් 40 කට අධික සංඛ්‍යාවක සාමාජිකාවන් 13,000 කගෙන් පමණ සමන්විත ‘ලේඩීස් සර්කල් ඉන්ටර්නැෂනල් ‘ (LCI) හි ශ්‍රී ලාංකේය නියෝජිතයා ලෙස කටයුතු කරන්නේද මෙම සංවිධානයයි. එමඟින් අත්දැකීම් හුවමාරු කර ගැනීමටත්, ජාත්‍යන්තර සේවා ව්‍යාපෘති සඳහා දායක වීමටත්, දේශසීමා ඉක්මවූ මිත්‍රත්වයන් ගොඩනගා ගැනීමටත් ශ්‍රී ලාංකේය සාමාජිකාවන්ට අවස්ථාව හිමිවේ.

පසුගිය වසර පුරා අධ්‍යාපනය, සෞඛ්‍යය, කාන්තා සබලගැන්වීම් සහ අසරණ වූ පවුල් වෙනුවෙන් සුවිශේෂී ප්‍රජා සේවා ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට ලේඩීස් සර්කල් ශ්‍රී ලංකා සංවිධානය සමත් විය. සාමාජිකාවන්ගේ සෘජු දායකත්වයෙන් සහ ස්වේච්ඡා කැපවීමෙන් සිදුකෙරෙන මෙම ව්‍යාපෘති හරහා සමාජයට තිරසාර යහපතක් සැලසීම ප්‍රධාන අරමුණ වී ඇත.

මෙහිදී කැපී පෙනෙන විශේෂතාවක් වූයේ 2025-2027 කාලපරිච්ඡේදය සඳහා වන ‘ලේඩීස් සර්කල් ජාත්‍යන්තර සේවා ව්‍යාපෘතියේ’ (Ladies’ Circle International Service Project) සන්දර්භය ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමට අවස්ථාව හිමිවීමයි. HELP Schools Foundation ආයතනය හා එක්ව “කිසිදු දරුවෙකු මඟනොහරිනු” (No Child Left Behind) යන තේමාව යටතේ ක්‍රියාත්මක වන මෙමඟින්, දිවයින පුරා පිහිටි අඩු පහසුකම් සහිත පාසල්වල අධ්‍යාපන අවශ්‍යතා සම්පූර්ණ කිරීමට සහ ඉගෙනුම් පරිසරය යහපත් කිරීමට පියවර ගනිමින් සිටී.

එහිදී අදහස් දැක්වූ ලේඩීස් සර්කල් ශ්‍රී ලංකා සභාපතිනිය සඳහන් කළේ,

යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here