“පිරිමි සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් කෙරෙහි පවතින ප්‍රේක්ෂක සැලකිල්ලේ සමතුලිතතාවක් ඇති විය යුතුයි” – පාකිස්තාන කාන්තා ක්‍රිකට් නායිකා ෆාතිමා සනාගෙන් ප්‍රකාශයක්

0
7

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන කාන්තා බිග් බෑෂ් ලීග් (WBBL) තරගාවලිය අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, පිරිමි තරග නැරඹීමට ක්‍රීඩාංගණ වෙත පැමිණෙන ආකාරයෙන්ම කාන්තා තරග සඳහා ද වැඩි වශයෙන් ප්‍රේක්ෂකයින් පැමිණෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවයි.

අවුරුදු 25ක් වයසැති ෆාතිමා සනා 2024 වසරේ සිට පාකිස්තාන කාන්තා කණ්ඩායමේ නායකත්වය හොබවන අතර, මෙවර WBBL තරගාවලියේ Perth Scorchers කණ්ඩායම නියෝජනය කරමින් විශිෂ්ට පන්දු යැවීමක ද නිරත වනවා. එසේම 2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී පාකිස්තානය වෙනුවෙන් ලෝකඩ පදක්කම දිනා දීමට ද ඇය මුලිකත්වය ගත්තා.

පාකිස්තාන කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රයේ ඉදිරි සංවර්ධනය පිළිබඳව අදහස් දක්වමින් ඇය ස සඳහන් කළේ 2028 වසරේ පැවැත්වීමට නියමිත කාන්තා T20 ලෝක කුසලාන තරගාවලිය පාකිස්තානයේදී සංවිධානය වීම මගින් එරට තරුණ ක්‍රීඩිකාවන්ට මෙන්ම ඊට යොමු වන ලෙස දෙමාපියන් දිරිගැන්වීමට ද මහඟු පිටුවහලක් ලැබෙනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here