ප්‍රකට ලේඛිකා ඉසබෙල් අයියන්දේ ප්‍රෙමියෝ ප්ලැනටා සම්මානය සහ යුරෝ මිලියනයක් දිනාගනියි

0
11

2026 ඔක්තෝබර් මාසයේ දී පැවැත්වුණු මෙම සම්මාන උළෙලේ 75වන සංවත්සරය වෙනුවෙන් ඇය මෙම ජයග්‍රහණය අත්පත් කරගත්තේ “ලුස් වෙන්චුරා” (Luz Ventura) යන අන්වර්ථ නාමය යටතේ තරගයට ඉදිරිපත් වෙමිනි. මෙම සම්මාන උළෙලේ නීතිරීතිවලට අනුව ලේඛකයන් තම අනන්‍යතාව සඟවා අන්වර්ථ නාමයකින් කෘති ඉදිරිපත් කළ යුතු අතර, ජයග්‍රාහකයා කවුදැයි නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන්නේ සම්මාන රාත්‍රියේ දී ම පමණි. ඇය මෙම නම තෝරාගෙන ඇත්තේ ඇගේ මුල් කෘතියේ එන ආලෝකවත් කාන්තා චරිතවලට උපහාරයක් ලෙසිනි.

ඇය මෙම සම්මානය දිනාගත්තේ “La hora antes del alba” (The Hour Before Dawn) නම් නවකතාව වෙනුවෙන් ය. මෙහි විශේෂත්වය වන්නේ, ඇය 1982 දී ලියා ලෝක ප්‍රසිද්ධ වූ ඇගේ ප්‍රථම නවකතාව වන “The House of the Spirits”(La casa de los espíritus) කෘතියේ දෙවැනි කොටස (Sequel) ලෙස මෙය නිර්මාණය කර තිබීමයි. (මෙම මුල් කෘතිය 2002 වසරේ දී ගැමිණී වියන්ගොඩ විසින් “මායා වාස” මැයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කර ඇත).

බාර්සිලෝනා නුවර පැවැති උත්කර්ෂවත් උළෙලක දී, 84 හැවිරිදි වියේ පසුවන ඉසබෙල් අයියන්දේ වෙත මෙම සම්මානය ප්‍රදානය කරන ලද්දේ ස්පාඤ්ඤයේ VI වැනි ෆෙලිපේ රජු සහ ලෙටීසියා රැජින විසිනි. ස්පාඤ්ඤයේ දැවැන්තම ප්‍රකාශන ආයතනයක් වන Grupo Planeta විසින් මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here