එංගලන්ත කාන්තා ක්‍රිකට් පිල 2027 දී ශ්‍රී ලංකාවට – පන්දුවාර 20 සහ එක්දින තරගාවලි සඳහා කාලසටහන තහවුරු කෙරේ

0
7

එංගලන්ත කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම 2027 වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔක්තෝබර් 21 වනදා නිල වශයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර තිබේ. මෙම සංචාරයට T20I සහ එක්දින (ODI) තරගාවලි ඇතුළත් වේ.

අදාළ සංචාරයේ සැලසුමට අනුව, එංගලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් 2027 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ T20I තරගාවලියට එක්වනු ඇත. ඉන් අනතුරුව පැවැත්වෙන ICC Women’s Champions Trophy – 2027 තරගාවලිය නිම වීමෙන් පසුව, ඔවුන් නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here