ප්රකට ‘හැරී පොටර්’ කර්තෘ J.K. Rowling 2020 වසරේ සිට දරන මතය යළිත් මතක් කරමින්, තමන් කාන්තාවක ලෙස හඳුන්වාගත් පමණින් කෙනෙකුගේ ජීව විද්යාත්මක ලිංගිකත්වය වෙනස් නොවන බව ප්රකාශ කර තිබේ.
2020 වසරේදී ඇය විසින් ලියන ලද දීර්ඝ ලිපියක දැක්වුණේ, “කාන්තාව යනු ඇඳුමක් හෝ පිරිමියෙකුගේ මනසේ ඇතිවන අදහසක් නොවන බවයි.” ගෘහස්ථ හිංසනයට සහ ලිංගික අතවරවලට ලක්වූ තැනැත්තියක ලෙස තමන් ලැබූ අත්දැකීම් පදනම් කරගනිමින්, කාන්තාවන්ට පමණක් වෙන්වූ ආරක්ෂිත ස්ථාන පැවැත්වීමේ වැදගත්කම ඇය පෙන්වා දෙන්නීය. ඕනෑම සංක්රාන්තික සමාජභාවී පුද්ගලයෙකුට තමන්ට කැමති අයුරින් ජීවත්වීමට ඇති අයිතියට ගරු කරන අතරම, ජීව විද්යාත්මක ලිංගිකත්වය සහ ස්ත්රීපුරුෂ සමාජභාවය (gender identity) එකක් ලෙස සැලකිය නොහැකි බව ඇයගේ මතයයි.
එක්සත් රාජධානියේ ශ්රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා ලබාදුන් තීන්දුවකට අනුව, සමානතා පනත (Equality Act) යටතේ ‘කාන්තාව’ යන්නෙහි නීතිමය නිර්වචනය ජීව විද්යාත්මක ලිංගිකත්වයට පමණක් අදාළ වන බව තීන්දු කර තිබේ. එම තීරණය අගය කරමින් Rowling සමාජ මාධ්ය සටහනක් තබමින් සතුට පළ කර තිබුණි.
මෙම ප්රකාශ හේතුවෙන් Daniel Radcliffe සහ Katie Leung ඇතුළු ‘හැරී පොටර්’ චිත්රපට නළු නිළියන් රැසක් ඇයගේ මතයට එරෙහි වූ අතර, මෙම ප්රකාශ මගින් සංක්රාන්තික ලිංගික පුද්ගලයන්ගේ ආරක්ෂාවට සහ අයිතිවාසිකම්වලට හානි වන බවට විවේචකයෝ පවසති. කෙසේ වෙතත්, තමන්ගේ අරමුණ සංක්රාන්තික පුද්ගලයන්ට පහරදීම නොව කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම බව J.K. Rowling වැඩිදුරටත් සඳහන් කරයි.
සටහන | කල්පනී ෂමල්කා
මූලාශ්ර The Life ෆේස්බුක් පිටුව




