Victoria’s Secret වේදිකාව සරසමින් Kylie Jenner පැළඳූ ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක් වටිනා ‘ The Fantacy Bra ‘

0
59

වසර අටක විරාමයකින් පසු යළිත් පැවැත්වූ Victoria’s Secret විලාසිතා දැක්මේදී, ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක් වටිනා අතිශය දුර්ලභ දියමන්තිමය Fantasy Bra ඇඳුමකින් සැරසෙමින් Kylie Jenner ප්‍රේක්ෂකාගාරය අතිශයින් මවිතයට පත් කිරීමට සමත් වූවාය.

ප්‍රකට Jacob & Co උසස් ආභරණ සන්නාමය සමඟ එක්ව නිර්මාණය කරන ලද මෙම නිර්මාණය, මෙතෙක් Victoria’s Secret ඉතිහාසයේ නිර්මාණය වූ වටිනාම සහ මිළ අධිකම ‘Fantasy Bra’ ඇඳුම ලෙස වාර්තා අතරට එක්වෙයි. ස්වාභාවික දියමන්ති 4,410 කින් සමන්විත මෙහි මුළු බර කැරට් 1,373.39 ක් වන අතර, එහි මධ්‍යයේ කැරට් 75.54 ක විසිතුරු කහ පැහැති (Fancy Vivid Yellow) දුර්ලභ දියමන්තියක් ඔබ්බවා තිබීම විශේෂත්වයකි.

Kylie Jenner මෙම දුර්ලභ නිර්මාණය සමඟ සුදු පැහැති පියාපත් යුගලක් පළඳිමින් වේදිකාවට පිවිසි අතර, ඇගේ මව වන Kris Jenner සහ පෙම්වතා වන Timothee Chalamet ද ඉදිරිපෙළ අසුන්වල සිට ඇයට සහාය පළ කරනු දක්නට ලැබුණි.

1996 වසරේදී ප්‍රථම වරට Claudia Schiffer විසින් පළඳින ලද මෙම සුප්‍රකට Diamond Fantasy Bra ඇඳුම, අවසන් වරට 2018 වසරේදී Elsa Hosk විසින් පළඳින ලදී. මීට පෙර 2000 වසරේදී Gisele Bundchen පැළඳි ඩොලර් මිලියන 15 ක් වටිනා ඇඳුම පැවැත්වූ වාර්තාව බිඳ හෙළමින්, මෙවර Kylie Jenner පැළඳි මෙම අතිශය වටිනා සහ දුර්ලභ නිර්මාණය ඉතිහාසගත වන්නට සමත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here