2027 පළමු ICC කාන්තා ශූරියන්ගේ කුසලාන ක්‍රිකට් ක්‍රීඩාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට!

0
29

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ප්‍රථම වරට හඳුන්වා දෙනු ලැබූ 2027 ICC කාන්තා ශූරියන්ගේ කුසලාන (ICC Women’s Champions Trophy) ක්‍රිකට් තරගාවලියේ සත්කාරක අයිතිය ශ්‍රී ලංකාවෙන් ඉන්දියාව වෙත පවරා තිබේ.

මෙම තරගාවලිය මුලින්ම ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබුණද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) පරිපාලනමය ප්‍රතිසංස්කරණ සහ රජයේ මැදිහත්වීම් සම්බන්ධයෙන් මතු වූ තත්ත්වයන් හේතුවෙන්, ICC වාර්ෂික සම්මේලනයේ තීරණවලට අනුව සත්කාරකත්වය වෙනස් කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව, වෙනත් රටවල් කිහිපයක් සලකා බැලීමෙන් අනතුරුව, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) පූර්ණ දායකත්වයෙන් තරගාවලිය ඉන්දියාවට ලබා දීමට ICC මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

මෙම තරගාවලිය 2027 පෙබරවාරි 14 සිට 28 දක්වා ඉන්දියාවේ මුම්බායි හි බ්‍රේබෝන් ක්‍රීඩාංගණයේ සහ වඩෝදරා හි බරෝඩා ක්‍රිකට් සංගම් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. 20-20 ආකෘතිය යටතේ ක්‍රියාත්මක වන මෙම තරගාවලිය සඳහා සත්කාරක ඉන්දියාව සමඟින්, ICC T20I ශ්‍රේණිගත කිරීම් මත පදනම්ව සෘජුව සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව යන ප්‍රබල කණ්ඩායම් 6 කිරුළ වෙනුවෙන් සටන් වැදීමට නියමිතය. මෙහිදී කණ්ඩායම් අතර මූලික වටයේ ලීග් ක්‍රමයට තරග පැවැත්වෙන අතර, ඉන් පෙරමුණ ගන්නා දක්ෂම කණ්ඩායම් දෙක පෙබරවාරි 28 දින පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here