මරණ දඬුවමට අභියෝග කරමින් මාරක එන්නත් දෙකකින් පසුවත් දිවි බේරාගත් ක්‍රිස්ටා!

0
33

අමෙරිකා එක්සත් ජනපදයේ ටෙනෙසි ප්‍රාන්තයේදී මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගත් උත්සාහයක් අසාර්ථක වීම හේතුවෙන් මාරක එන්නත්වලින් පවා දිවි ගලවා ගැනීමට ක්‍රිස්ටා පයික් නම් කාන්තාව සමත්ව තිබේ. ඇයට ලබාදුන් මාරක ඖෂධ මාත්‍රා දෙකකින් පසුවද ඇය ජීවත්ව සිටීම ලොව පුරා දැඩි කතාබහට ලක්ව ඇති කරුණකි.

වයස අවුරුදු 18 දී මරණ දඬුවමට ලක් වූ ක්‍රිස්ටා, ටෙනෙසි ප්‍රාන්තයේ මරණ දඬුවමකට මුහුණ දුන් ලාබාලම කාන්තාවන් අතරින් කෙනෙකි. 1995 වසරේදී ඇය සහ ඇයගේ එවක පෙම්වතා විසින් 19 හැවිරිදි තරුණියක වන කොලීන් ස්ලේමර් ඝාතනය කිරීමේ වරදට 1996 වසරේදී ඇයට මෙම දඬුවම නියම විය. ඇයගේ බාල වයස්කාර පෙම්වතාට එවක වයස අවුරුදු 17 ක් වීම හේතුවෙන් ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමිවූ අතර, දිගු කාලයක් පුරාවට කෙරුණු නීතිමය අරගලයකින් පසුව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත ඊයේ දිනයේදී ඇයට දඬුවම ක්‍රියාත්මක කිරීමට පියවර ගැනුණි.

එහිදී ඇයට පෙන්ටොබාර්බිටල් නමැති මාරක ඖෂධ මාත්‍රා දෙකක් ලබා දී තිබුණද, ඇය සිහිසුන් නොවී අඛණ්ඩව ජීවත්ව සිටීම නිසා නීතිමය ක්‍රියාමාර්ගය තාවකාලිකව අසාර්ථක විය. මෙම අසාමාන්‍ය සිදුවීමෙන් පසු ඇය වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහලක් වෙත යොමු කර තිබේ.

මේ අතර, වසර 200 කට පසුව ටෙනෙසි ප්‍රාන්තයේ කාන්තාවකට මරණ දඬුවමක් ක්‍රියාත්මක කිරීම වූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර, එන්නත් ක්‍රියාවලිය අසාර්ථක වීම සම්බන්ධයෙන් පුළුල් හා ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස එරට ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා විසින් දැඩි නියෝගයක් නිකුත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here