නව­සී­ලන්ත නෙට්බෝල් හමුවේ අපේ කෙල්ලන්ගේ මුහුණු රතු වෙයි

0
16

ආසි­යානු නෙට්බෝල් ශූර­තා­ව­ලි­යට සූදා­නම් වන ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩා­ය­මට පුහු­ණු­වක් ලබා දීමේ අර­මු­ණින් නව­සී­ලන්ත විශ්ව­වි­ද්‍යාල නෙට්බෝල් කණ්ඩා­යම සමඟ පැවති පළමු තර­ග­යෙන් ලකුණු 62- 54ක ජයක් නව­සී­ලන්ත ලින්කන් විශ්ව­වි­ද්‍යාල පිල හිමි­කර ගත්තේය.

ගාල්ල දඩල්ල ක්‍රීඩා සංකී­ර්ණයේ ඊයේ පැවති මේ තර­ගයේ පළමු කාර්තු­වේදී නව­සී­ලන්ත විශ්ව­වි­ද්‍යාල පිල ලකුණු 15 – 11ක් ලෙස ඉදි­රි­යෙන් සිටි අතර, ශ්‍රී ලංකා පි‍ලෙන් අවස්ථා 3කදී පන්දුව උදුරා ගැනී­මට සම­ත්වී­මෙන් ලකුණු පර­ත­රය වැඩි විය.

දෙවැනි කාර්තු‍වේදී නව­සී­ලන්ත පිල ලකුණු 16 – 10ක් ලෙස ඉදි­රි­යට පැමිණි අතර, තර­ගයේ පළමු භාගය නිමා­වෙද්දී ලකුණු 31 – 21ක් ලෙස ඉදි­රි­යෙන් සිටි­යේය.

තෙවැනි කාර්තු­වේදී ශ්‍රී ලංකා ක්‍රීඩි­කාවෝ ආක්‍ර­ම­ණ­ශීලි ක්‍රීඩා විලා­ස­යක් අනු­ග­ම­නය කළ අතර, නව­සී­ල­න්තය ලකුණු 15ක් හා ශ්‍රී ලංකාව ලකුණු 14ක් විය. අධික උණු­සු­මත් සමඟ එන්න එන්නම වෙහෙ­සට පත්වූ නව­සී­ලන්ත ක්‍රීඩි­කා­වන්ගේ වේගය අඩු­වී­මත් සමඟ සිව්වැනි කාර්තු­වේදී දෙපි­ලම ලකුණු 18 බැගින් එක්කර ගැනී­මට සමත් වූහ.

දෙවැනි කාර්තුව නිමා වීමට මිනිත්තු 6ක් තිබි­යදී ගෝල් ෂූටර් තිසාලා ඉව­තට ගෙන 17 හැවි­රිදි තුමාල්කා ඒක­නා­යක එම ස්ථාන­යට කැඳ­වී­මට පුහු­ණු­කා­රිණී සොමිතා අල්විස් මහ­ත්මිය තීර­ණය කළද මිනිත්තු දෙකක් ගත­වෙද්දී යළි තිසා­ලාට ගෝල් ෂූටර් ස්ථානය හිමි විය. දෙවැනි කාර්තු­වේදී තිළිණි වත්තේ­ගෙ­දර වෙනු­වට රශ්මි දිව්‍යාං­ජලී හා චලනි නීෂා වෙනු­වට, ගෝල් කීපර් ස්ථානයේ අංජ­ලිකා තිල­ක­රත්න ක්‍රීඩා කළහ.

නව­සී­ලන්ත විශ්ව­වි­ද්‍යාල පිල සමඟ තර­ග­යේදී මුල් කණ්ඩා­යම ලෙස ගෝල් ෂූටර් තිසලා අල්ගම (නායිකා), වින්ග් ඇටෑක් තිළිණි වත්තේ­ගෙ­දර (උප නායිකා), ගෝල් ඇටෑක් දුලංගි වන්නි­ති­ලක, ගෝල් ඩිෆෙන්ස් මල්මී හෙට්ටි­ආ­රච්චි, සෙන්ටර් ගයා­න්ජලී අම­ර­වංශ, ගෝල් කීපර් ගයනි දිසා­නා­යක හා වින්ග් ඩිෆෙන්ස් චලනි නීෂා ක්‍රීඩා කළහ.

ආසි­යානු නෙට්බෝල් ශූර­තා­ව­ලිය ලබන අගෝස්තු මාසයේ හොංකොංහි පැවැ­ත්වෙන අතර, ශ්‍රී ලංකා කණ්ඩා­යමේ කුස­ලතා වැඩි­දි­යුණු කර ගැනී­මට නව­සී­ලන්ත විශ්ව­වි­ද්‍යාල පිල සමඟ තර­ගා­ව­ලිය පිටි­ව­හ­ලක් වනු ඇතැයි ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේ­ල­නයේ අපේ­ක්ෂාව වේ.

තරග 6කින් සම­න්විත ශ්‍රී ලංකා – ලින්කන් විශ්ව­වි­ද්‍යාල නෙට්බෝල් කණ්ඩා­යම් අතර මීළඟ තර­ගය අද පෙර­වරු 10ට ගාල්ල දඩල්ල ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැ­ත්වෙන අතර, හෙට (3) පස්වරු 5ට හා 4දා පෙර­වරු 9ට මහ­නු­වර දිගන ක්‍රීඩාං­ග­ණ­යේදී හා අව­සන් තරග දෙක මේ මස 7දා පස්වරු 3ට කැල­ණිය විශ්ව­වි­ද්‍යාල ක්‍රීඩාං­ග­ණ­යේදී, 9දා පෙර­වරු 9ට කොළඹ සුග­ත­දාස ක්‍රීඩාං­ග­ණ‍යේදී පැවැ­ත්වෙනු ඇත.

ප්‍රින්ස් ගුණ­සේ­කර

ගාල්ල දඩල්ල

ක්‍රීඩාං­ග­ණයේ සිට…

dinamina.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here