කාන්තාවන්ට එරෙහි හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය අදයි

0
41

කාන්තාවන්ට එරෙහි හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය අදට යෙදී තිබේ.

“සියලු කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට එරෙහි ඩිජිටල් හිංසනය අවසන් කිරීමට එක්වන්න” (End Digital Violence against all Women and Girls) මෙවර එහි තේමාවයි.

මෙයට සමගාමීව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සහ ජාතික කාන්තා කමිටුව එක්ව සංවිධාන කරනු ලබන සැමරුම කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් ගේ සහ කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන ගේ ප්‍රධානත්වයෙන් අද (25) පෙරවරු පැවැත්විණි.

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීම, කාන්තාවන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම සහ ඔවුන් සමාජීය වශයෙන් සවිබලගැන්වීම සඳහා ධනාත්මක බලපෑමක් ඇති කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here