වැඩකරන කාන්තාවන්ගෙන් දිගාමඩුල්ලට ළමා සුරැකුම් මධ්‍යස්ථාන

0
39

නැගෙනහිර පළාතේ කෘෂි කර්මාන්තයේ නිරත කාන්තාවන්ගේ ශ්‍රම දායකත්වය පුළුල් කිරීමේ අරමුණු ඇතිව ළමා සුරැකුම් මධ්‍යස්ථාන දෙකක් විවෘත කෙරේ.


 ECCD සත්කාර සමුපකාර ළමා සුරැකුම් මධ්‍යස්ථාන දෙකක් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ  මහඔය සහ පදියතලාව නගර වලදී  ඉකුත් නොවැම්බර් 13 සහ 14 දෙදින තුල ආරම්භ කිරීම මගින් ප්‍රදේශයේ ළමා සුරැකුම් ගැටළුවලට විසදුම් ලබා දෙනු ඇත.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) හා වැඩකරන කාන්තාවන් සඳහා වූ මධ්‍යස්ථානය  (CWW) එක්ව ECCD අධ්‍යාපනඥයින්ගේ සත්කාර සමුපකාර සංගමය මේ සඳහා මැදිහත්වේ.

මහඔය හා පදියතලාව ළමා සුරැකුම් මධ්‍යස්ථාන විවෘත කිරීමට ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ  මෙන්ම වැඩකරන කාන්තාවන් සඳහා වූ මධ්‍යස්ථානයේ නියෝජිතයෝ ද එකවුහ.

“මෙම මධ්‍යස්ථාන මගින්  ග්‍රාමීය දරුවන්ගේ  මුල් ළමාවිය සංවර්ධනය සහ කාන්තාවන් ආර්ථිකව  සවිබල ගැන්වීම ප්‍රවර්ධනය කරනවා, ඔවුන්ට අවශ්‍ය ළමාරක්ෂක සේවා සැපයීම මගින්  කාන්තාවන්ට වැඩි වැඩ කොටසක්  කිරීමට ඉඩ ලැබෙනවා.“යැයි වැඩකරන කාන්තාවන් සඳහා වූ මධ්‍යස්ථානයේ සභාපතිනිය හා ජාතික කම්කරු කොංග්‍රසයේ [NWC] ප්‍රධාන ලේකම් අමාලි කළුපහන මෙහිදී  සඳහන් කළාය.

එම සංවිධානය මගින්  දෙහිඅත්තකණ්ඩිය හා මඩකළපුව නගරයේ තවත් ළමා සුරැකුම් මධ්‍යස්ථාන දෙකක් පිහිටුවීමට සැලසුම් කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here