විවාහ ජීවිතය සුන්දරව පවත්වාගෙන යාම ඒ තරම් පහසු නැහැ. එකිනෙකා අතර අවබෝධය, ආදරය, ආකර්ෂණය, සහයෝගීතාවය වගේම විවාහයකට හරිම වැදගත්. ඒ වගේම තමයි ලිංගික ජිවිතය. විවාහ වූ අලුත එකිනෙකා අතර පවතින තදබල ලිංගික ආකර්ෂණය විවාහයෙන් ටික කාලයකට පසු හීන වී යනවා. මෙය විවාහ ජීවිතයට තදබල ලෙස බලපානවා.
ඔයාගේ Social Media පාවිච්චිය වැඩි වෙද්දි ඔයාගේ Marriage එකට තියෙන කාලය නාස්ති වෙළා Marriage එක විනාශ වෙන විධිය ගැන දන්නවාද ?
“අපි ඉස්සර පැය ගණන් කතා කළා… දැන් ඔහු නිතරම Phone එක Scroll කරනවා. අපි එකම කාමරයක ඉද්දි පවා, මාව පේන්නේ නෑ වගේ එතකොට මට දැනෙනවා.”
අද වෙද්දි බිරින්ඳෑවරුන්ගෙන් මට ඇහෙන වඩාත් පොදු පැමිණිලි වලින් එකක් තමා මේ ප්‍රශ්නය. ගැටලුව සමාජ මාධ්‍යවලට ඇබ්බැහි වෙන එක විතරක් නෙවෙයි. මේ ඉවරයක් නැතිව කරන Scroll කරන නිසා සම්බන්ධතාවය විනාශ වෙන අතරෙ දෙන්නා වෙනුවෙන් තියෙන කාලයත් නාස්ති වෙනවා. බොහෝ දෙනෙක් මේ නිසා වේදනාවට පත් වෙනවා.

The Science Behind Screen Time & Marriage Clayton, Nagurney සහ Smith (2013) විසින් කරපු ප්‍රමුඛතම අධ්‍යයනයකින් හෙළි වුණේ අධික ෆේස්බුක් භාවිතය විවාහ ගැටුම් සහ අතෘප්තියට සෘජුවම සම්බන්ධ බවය. ඇයි කියලා දන්නවාද සමාජ මාධ්‍ය ඔයාගේ විවාහය සමඟ කාලය සහ අවධානය සඳහා තරඟ කරන නිසාවෙනි.
මනෝවිද්‍යාවේ Opportunity Cost Theory එකට අනුව:
* Online ගත කරන හැම පැයක්ම ඔයාගේ සහකරු/සහකාරිය සමඟ ගත නොකරන පැයක්.
* සම්බන්ධතාවයේ මඟ හැරුණු අවස්ථා එකතු වෙනවා – චිත්තවේගීය දුරස්ථභාවයක් නිර්මාණය වෙනවා.
* චිත්තවේගීය දුරස්ථභාවය අවසානයේදි විවාහයේ අතෘප්තියට හේතුවක් වෙනවා.

කෙටියෙන් කිව්වොත්, සමාජ මාධ්‍ය ඔයාගේ කාලය හොරකම් කරනවා විතරක් නෙවෙයි… සමහර වෙලාවට ඔයාගේ විවාහයට තියෙන කාලය notification වලින් පවා නැති වෙනවා.
Warning Signs of “Time Drain” in Marriage
1.ජෝඩු එකිනෙකා සමඟ කතා කරනවාට වඩා ඔවුන්ගේ දුරකථනවල වැඩි කාලයක් ගත කරනවා.
2.නිරන්තරයෙන්ම Notifications නිසා ආදර අවස්ථාවලට බාධා වෙනවා.
3.සහකාරියව/සහකරුවාව නොසලකා හැරලා හෝ සමාජ මාධ්‍යවලට ජීවිතයේ “පළවෙනි තැන” දීලා කියලා දැනෙනවා.
4.සංවාද කෙටියි, අඩු අර්ථවත් බවක් තියෙන්නේ එහෙම නැත්නම් ඉක්මණින් ඉවර වෙනවා.
5.නිශ්ශබ්දතාවයෙන් නිවස පිරෙනවා, නමුත් Screen එක නම් දිලිසෙනවා.
Proven Strategies to Reclaim Love from Screens
1.Digital-Free Zones
දෙන්නා එක්ක තීරණය කරන්න: “ආහාර ගන්න වෙලාවට, නින්දට යන කොට හෝ ජෝඩුවක් විධියට එකට ඉන්න කොට දුරකථන පාවිච්චිය කරන්න එපා.” පර්යේෂණවලින් පේන්නේ මේසය මත දුරකථනයක් තියෙන කොට පවා සම්බන්ධතා තෘප්තිය අඩු කරන බවය (Przybylski & Weinstein, 2013).
2.Replace Scrolling With Habits
ඇඳේ ඉඳලා Scroll කරනවා වෙනුවට, “Evening tea talks” හෝ “10-minute gratitude check-ins ” වගේ පුරුදු ගොඩනඟා ගන්න. කුඩා පුරුදු චිත්තවේගීය බැඳීම් නිර්මාණය කරනවා.

3.Quality Time Scheduling
රැස්වීම් වගේ “social media breaks” සැලසුම් කරන්න. උදාහරණයක් විධියට : “සෑම රාත්‍රියකම රාත්‍රී 8–9 දක්වා අපේ Screen time එකක් නැතුව අපි දෙන්නා වෙනුවෙන්ම වෙන් කරන කාලය” කියලා වෙන් කරළා අවධානය යොමු කරන්න.
4.Conscious Scrolling
ඔයාගෙන්ම මෙහෙම අහන්න: “මම ඇය/ඔහු එක්ක සම්බන්ධ වෙන්න උත්සාහ කරනවාද නැත්නම් Scroll කරන්න පැනලා යනවාද?” දැනුවත්භාවය ඉන්නකොට සතිමත් වෙනවා කාලය නාස්ති කිරීම අඩු කරන එක අඩු වෙළා තවදුරටත් සතිමත්භාවයෙන් හිඳිමින් කාලය ගත කිරීම වැඩි වෙනවා.
5. Invest in Shared Offline Joy
විනෝදාංශ, එකට ඇවිදින්න, එකට කෑම හදන්න හෝ Board Games වුණත් කරළා සිනහව සමඟින් බැඳීම ගොඩනඟා ගන්න කටයුතු කරන්න. කිසිම App එකකට මේ සතුට Replace කරන්න පුළුවන්කමක් නෑ.
සමාජ මාධ්‍ය නරක දෙයක් නෙවෙයි. නමුත් ඔයා ඔයාගේ කාලය ඒ වෙනුවෙන් ඔයාගේ සහකාරියට/සහකරුවාට වඩා දෙනවා නම් ඒක ගැටලුවක් වෙනවා.

* අද රෑට, Scroll කරනවා වෙනුවට, ඔයාගේ දුරකථනය බිමින් තියලා ඔයාගේ සහකරුගෙන්/සහකාරියගෙන් අහන්න: “ඇත්තටම අද ඔයාගේ දවස කොහොමද?” ඔයාට ඇයව/ඔහුව කොයිතරම් නම් මඟ හැරිලාද කියන එක ගැන ඔයාට පුදුම හිතෙන්න පුළුවන්.
මේ Article එකෙන් ඔයා දෙයක් ඉගෙන ගත්තා නම් ඔයාගේ Life Partner වත් මේ Post එකට tag කරන්න අමතක කරන්න එපා..!
ආදරය වර්ධනය වෙන්න නම් ඔයාලා දෙන්නා එකට ඉන්න ඕන.
(සටහන | තුසිත වික්‍රම සූරිය)
(උපුටා ගැනීම – Red Zone ෆේස්බුක් පිටුවෙන්…)