මට බොහෝ අත් දැකීම් ලැබුණෙ මම ගුරුවරියක් නිසා – ෂර්මිලා බංදුනී දංවත්ත

0
10

කෙටි කතාව ආරම්භක යුගයේ සිට මේ දක්වා එම සාහිත්‍ය ප්‍රවර්ගය සම්බන්ධයෙන් මෙන් ම එහි නිර්නායක සම්බන්ධයෙන් විවිධ විචාරක මත පළ වී තිබේ.

නමුදු වර්තමානය වන විට එකී සාම්ප්‍රදායික නිර්නායක අතික්‍රමණය කරමින් කෙටිකතාව නමැති සාහිතය ප්‍රවර්ගය ඉදිරියට ගමන් කර ඇති බව විදෙස් කෙටිකතා මතු නොව දේශීය කෙටිකතා කියවීමේ දී ද පසක් වන්නේ ය.

ඒ ආකාරයෙන් කෙටිකතාව වෙනස් වෙමින් පවතිද්දී ඇතැම් සාම්ප්‍රදායික යථාර්ථවාදී කෙටිකතා තුළින් වුව ද මිනිස් සිත කම්පනයට, ප්‍රහර්ෂයට, සංවේදිත්වයට නංවන අවස්ථා නැතුවා නොවේ.

ෂර්මිලා බංදුනී දංවත්ත විසින් රචිත ”විමානය ගිනි වැදුණු පසු” කෙටි කතා සංග්‍රහය ද යථාර්ථවාදී, සාම්ප්‍රදායික රීතියෙන් ම රචිත නිර්මාණ වුව ද ඒවායේ යට සඳහන් කළ පරිදි පාඨක ප්‍රජාව ගේ සිත කම්පනයට, ප්‍රහර්ෂයට, සංවේදිත්වයට නංවන අවස්ථා බහුල ය.

මගේ පුද්ගලික විශ්වාසය අනුව නම් ඇය කෙටිකතාවට වඩා දස්කම් දක්වන්නේ කවියට ය.

ඉදින් මෙවර The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග ඔබ හමුවට පැමිණෙන්නී ඇය යි. ඒ, ඇය විසින් රචිත ”විමානය ගිනි වැදුණු පසු” කෙටිකතා සංග්‍රහය සහ ”සිතුවමක් නැති සිත්තරා” නමැති කාව්‍ය සංග්‍රහය පිළිබඳ සාකච්ඡාවක නිරත වන වින්දනීය අඩ හෝරාවක් සමගිනි.

මතු පළ වන්නේ ෂර්මිලා බංදුනී දංවත්ත ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත විඩියෝව යි.

(සටහන – ජයසිරි අලවත්ත)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here