එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන් හිදී මේ වන විට පැවැත්වෙන 2026 ICC කාන්තා නැගී එන ජාතීන්ගේ කුසලාන (ICC Women’s Emerging Nations Trophy) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ වන විට ඉතා ආසන්න වී තිබේ.
කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට ශ්‍රී ලංකා කණ්ඩායම ගත් තීරණයට සාධාරණයක් ඉටු කරමින් පන්දුවාර 19.3කදී අයර්ලන්ත කාන්තා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 96කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් සමත් විය. එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සත්‍යා සංදීපනී සිය පන්දුවාර 4 තුළදී ලකුණු 13ක් පමණක් ලබා දෙමින් කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූවාය.
ලකුණු 97ක පහසු ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ වන විට පන්දුවාර 9.5ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 73ක් ලබා සිටී. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිරත වන ඉමේෂා දුලානි පන්දු 16කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 33ක් රැස් කරගෙන සිටින අතර, සංජනා කාවින්දි ලකුණු 25ක් ලබා ගත්තාය.
ඒ අනුව, මේ මොහොත වන විට තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඉතිරි පන්දු 61 තුළ අවශ්‍යව ඇත්තේ තවත් ලකුණු 24ක් පමණයි.
සටහන | කල්පනී ෂමල්කා




