I phone එකකින් කරපු ලංකාවෙ පළවෙනි චිත්‍රපටිය

0
7

චිත්‍රපටියක් හදන්න හිතනකොට ගොඩක් අය කල්පනා කරන්නෙ ඒකට පාවිච්චි කරන කැමරාව, කාච, ආලෝකකරණ සහ තවත් බොහෝ උපකරණ ගැනයි.

විශේෂයෙන්ම පාවිච්චි කරන කැමරාව කියන්නෙ සිනමාවෙ ලොකුකම දක්වන සංකේතයකුත් වෙනවා බොහෝ විට. මම පෝලන්ත ශිෂ්‍යත්වයක් දිනාගත්ත මගේ කෙටි චිත්‍රපටිය කලේ හැන්ඩිකැම් එකකින්. ඊට පස්සෙ  මුල්ම වෘත්තාන්ත චිත්‍රපටිය කලේ ex 3 කැමරාවකින්. ඇවිලෙනසුලුයි කලේ 5d මාර්ක් 2 කැමරා දෙකකින්.

හැමතිස්සෙම උපකරණ සපයා ගැනීම හෝ හසුරුවා ගැනීම නිර්මාණයට බාධාවක් නොවිය යුතුයි කියන එකයි මගේ විශ්වාසය. සිනමාව සැබෑවක් වෙන්න නම් කැමරා ආදී උපකරණ පැන්සල් පෑන් වගේ සුලබ වෙන්න ඕන.

අභිසාරි කියන්නෙ ලංකාවෙ පළවෙනි වතාවට i phone එකකින් රූගත කරපු චිත්‍රපටිය වෙනවා. අපි පාවිච්චි කලේ i phone 15 pro එක. ඒකට අවශ්‍ය ඇප් සහ අනෙකුත් තාක්ෂණික කාරණා අපේ මිනුවා Minuwan Shri Premasinghe මාස ගානක් පුරා අධ්‍යනය කළා. මං ඌට මේ තරම් ආදරේ ඒකයි. කැමරාව වෙනුවට ෆෝන් එකක් අතට ගනිං කියල යෝජනා කළාම ඒකෙන් ඒ වැඩේ කරන්නෙ කොහොමද කියන එක ගැන ඉතා ගැඹුරු සොයා බැලීමක් කරන්න සමත් වුනු එකෙක්. ඌ යකෙක්.

i phone එකෙන් රූගත කිරීමෙදි අපිට වි‍ශේෂ වාසි ගණනාවක් ලැබුනා. ප්‍රධානවම ඉතා කුඩා පිරිසක් සමග නිර්මාණය කරන්න පුළුවන් වුනා. i phone එක නිසාම අවශ්‍ය අනෙක් ලයිට් සහ උපකරණත් අවම වුනා. කවදාවත් සාම්ප්‍රදායික කැමරාවකින් හිතාගන්නවත් බැරි රූපරාමුවලට අපිට යන්න පුළුවන් වුනා. ඒ වගේම රූගත කිරීමේ වේගය වැඩි කරගන්නත් කාලය ඉතිරි කරගන්නත් පුළුවන් වුනා. විශේෂයෙන්ම 28 ‍days later, Tangerine වගේ චිත්‍රපටි කරන්න යොදාගත්ත i phone කැමරාව අපේ රටේ අපේ නිර්මාණයක් සඳහා යොදාගනිද්දි කොයි වගේද කියන එක ගැන ඒක පර්යේෂණයක් වුනා.

ඒ හින්ද මගේ යෝජනාව චිත්‍රපටියක් කරන්න හිතන කෙනෙක් අභිසාරි විශාල තිරය මත බලන්නම ඕන කියන එකයි. i phone එකකින් අත්පත් කරගත හැකි කොලිටිය, එයින් කළ හැකි විස්කම් ගැන දැනුවත් බව එහෙම කෙනකුගේ ඊලග නිර්මාණයකදි අනිවාර්යෙන්ම වැදගත් වෙයි. zack snyder වගේ දැවැන්ත අධ්‍යක්ෂවරුන් i phone වලින් කරපු වැඩත් ඒවා ගැන ලියවුනු ටියුටෝරියල්සුත් අපිට මේ වැඩේදි ගොඩක් උදව් වුනා. කෙනෙකුගේ අත්හදා බැලීමක් කියන්නෙම තව කෙනෙකුට ඊට වඩා අඩියක් ඉස්සරහින් හිතන්න පදනමක්.

එහෙනම් අභිසාරි- ලංකාවෙ පළවෙනි i phone චිත්‍ර්‍රපටිය 24 වෙනිදා ඉඳන් අති විශාල පුළුල් තිරයේ නරඹන්න ඔයාලට පුළුවන්. චිත්‍රපටියක් හදන්න කැමරාව හෝ වෙනත් උපකරණ නෑ කියලා පසුතැවෙන කාලය හමාරයි. චිත්‍රපටි හදන එකා හිරේ විලංගුවෙ දැම්මත් චිත්‍රපටි හදනවා සත්තයි. 

(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ – facultyofsex

[email protected]

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here