කාන්තාවන් සහ පිරිමින් අතර සැබෑ සමානත්වය තවත් වසර 171කින්! – OOO Until 2197 Email ව්‍යාපාරය

0
21

එනම්, සංකේතාත්මකව වසර 171 කට පසු නැවත පැමිණෙන ලෙස සටහන් කිරීමයි!

මෙවැනි අසාමාන්‍ය දිනයක් තෝරා ගැනීමට හේතුව එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) විසින් නිකුත් කරන ලද ප්‍රබල සංඛ්‍යාලේඛනයකි. එම වාර්තාවලට අනුව, ලෝකයේ දැනට ස්ත්‍රී-පුරුෂ සමානතාව (Gender Equality) වෙනුවෙන් කටයුතු සිදුවන පසුගාමී වේගයෙන් ගියහොත්, කාන්තාවන්ට සහ පිරිමින්ට සම්පූර්ණ සමාන අයිතිවාසිකම් සහ අවස්ථා හිමිවන පරිසරයක් නිර්මාණය වීමට තවත් වසර 171 ක් ගතවනු ඇත.

මෙම අතිශය දීර්ඝ කාලය හුදෙක් වාර්තාවකට පමණක් සීමා වූ ඉලක්කමක් ලෙස තබන්නේ නැතුව, මුළු ලෝකයේම ව්‍යාපාරික හා සමාජීය ක්ෂේත්‍රයන්ට තදින් දැනෙන ලෙස පෙන්වා දීමට මෙම උපක්‍රමය භාවිතා කර තිබේ.

මෙම ව්‍යාපාරයට එක්වන ඕනෑම කාන්තාවකට හෝ සංවිධානයකට ඉතා සරලව තමන්ගේ Email ගිණුමට (Outlook, Gmail ආදී) එක්කර ගත හැකි පණිවිඩය මෙසේය:

මෙහි අර්ථය වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, වර්තමානයේ පවතින වේගය අනුව ගියහොත් කාන්තාවන් සහ පිරිමින් අතර සැබෑ සමානතාවය අත්කර ගැනීමට තවත් වසර 171 ක් ගතවේ. මම ඒ තාක් බලා සිටීමට සූදානම් නැත.” යන්නයි. මෙම ප්‍රචාරණ ව්‍යාපාරය ආරම්භයේදීම හිටපු ප්‍රංශ අමාත්‍යවරියක වන එලිසබෙත් මොරෙනෝ, ඔලිම්පික් පදක්කම්ලාභී සාරා උරාමූන් සහ ප්‍රමුඛ පෙළේ කාන්තා ව්‍යවසායිකාවන් මෙන්ම අන්තර්ජාල අන්තර්ගත නිර්මාණකරුවන්ද තම Email සඳහා මෙම OOO පණිවිඩය සක්‍රිය කළහ.

මෙහිදී 1975 වසරේ අයිස්ලන්තයේ සිදු වූ සිදුවීම ආදර්ශයට ගෙන ඇත. එදින අයිස්ලන්තයේ කාන්තාවන්ගෙන් 90% ක්ම තමන්ගේ රැකියා සහ නිවසේ කටයුතුවලින් එක දිනකට සම්පූර්ණයෙන්ම ඉවත් වී වැඩ වර්ජනයක නිරත වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස අද වන විට ලෝකයේ ස්ත්‍රී-පුරුෂ සමානතාව ඉහළින්ම පවතින රට බවට අයිස්ලන්තය පත්ව ඇත.

මෙම ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණු වන්නේ දිනපතා ලොව පුරා හුවමාරු වන මිලියන සංඛ්‍යාත වෘත්තීය ඉමේල් අතරට මේ පණිවිඩය යාමෙන්, ආයතන ප්‍රධානීන් සහ සේවකයන් අතර ස්ත්‍රී-පුරුෂ සමානතාව පිළිබඳ සංවාදයක් ඇති කිරීමත්,”2197″ යන වසර කිසිසේත්ම පිළිගත නොහැකි එකක් බවත්, නීතිමය, සමාජීය සහ ආර්ථිකමය ප්‍රතිසංස්කරණ මගින් එම “වසර 171 ක බලා සිටීම” හැකි තරම් ඉක්මනින් පියවා ගත යුතු බවත් ලෝකයටම අවධාරණය කිරීමත් ය.

UN Women – The Gender Snapshot 2026 PDF

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here