ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් පවත්වනු ලබන මංගල ICC කාන්තා ශූරයන්ගේ කුසලාන 2027 (ICC Women’s Champions Trophy 2027) තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සෘජුවම සුදුසුකම් ලබා ගෙන තිබේ.
වත්මන් සුදුසුකම් ලැබීමේ ක්‍රියාවලියේ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් සිටීම හේතුවෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙම දැවැන්ත තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා ඇත.
ලොව ප්‍රමුඛතම කාන්තා ක්‍රිකට් කණ්ඩායම් තරග වදින මෙම ජාත්‍යන්තර තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කිරීම සඳහා අවශ්‍ය සියලුම පහසුකම්, සම්පත් සහ සහයෝගය නොඅඩුව ලබාදෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කරයි. තවද, මෙම මංගල තරගාවලිය සාර්ථක ලෙස පවැත්වීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, තරගාවලිය පවත්වනු ලබන සත්කාරක රට සහ අනෙකුත් සියලුම පාර්ශ්වකරුවන් සමඟ සමීපව කටයුතු කිරීමට සූදානම් බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.
මූලාශ්‍රය




