පවුල තුළ “කාන්තාවට හිමි – ගෙවීම අහිමි ” මෙහෙවර පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ගෙනෙන්නැයි බලපෑම්

0
20

The Asia Foundation සහ Women and Media Collective (WMC) විසින් Global Affairs Canada ආයතනයේ සහයෝගය ඇතිව සංවිධානය කළ “නොගෙවන ශ්‍රමය සහ සේවා වගකීම් හඳුනාගැනීමේ 3 වන ජාතික සම්මේලනය” (3rd National Convening on Recognizing Unpaid Care Work) අතරතුරදී මෙම ඉල්ලීම ඉදිරිපත් කෙරිණි.


ජාත්‍යන්තර සේවා සහ සත්කාරක දිනය (International Day of Care and Support) නිමිති කරගනිමින් සංවිධානය වූ මෙම සම්මේලනය පැවැත්වුණේ “ප්‍රතිපත්තියේ සිට ප්‍රජා මූලික විසඳුම් දක්වා – නොගෙවන රැකියා හා ශ්‍රමයේ වගකීම් බෙදා ගැනීමට ප්‍රජාවන් සම්බන්ධ කර ගැනීම” යන තේමාව යටතේ ය.

පවුලේ සාමාජිකයන් රැකබලා ගැනීම, ගෘහස්ත කටයුතු ඇතුළු නොගෙවන සේවාවන් සමස්ත ආර්ථිකයට සහ සමාජයට අත්‍යවශ්‍ය මෙහෙවරක් වුවද, එය සමාජීය වශයෙන් “කාන්තාවන්ගේ වැඩ” ලෙස සලකා බැහැර කිරීම නිසා කාන්තාවන්ගේ අධ්‍යාපනය, රැකියා නියුක්තිය සහ පොදු සමාජීය කටයුතුවලට ඇති ඉඩකඩ සීමා වී ඇති බව මෙහිදී සාකච්ඡා විය.


මේ පිළිබඳව අදහස් දැක්වූ කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සඳහන් කළේ නොගෙවන සේවා වගකීම් කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ගැටලුවක් ලෙස හඳුනා ගනිමින් ඊට අදාළ ජාතික ප්‍රතිපත්තියක් ගෙන ඒමට අමාත්‍යාංශය කැපවී සිටින බවයි. දැනට කෙටුම්පත් කර ඇති මෙම ජාතික ප්‍රතිපත්තිය ඉදිරියේදී කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමු කිරීමට නියමිත ය.


යාපනය, මඩකලපුව, අනුරාධපුරය, කුරුණෑගල, නුවරඑළිය සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක මුල් කරගනිමින් ළමුන්, වැඩිහිටියන් සහ ආබාධිත පුද්ගලයන් රැකබලා ගැනීම සඳහා කාන්තාවන් මූලික වූ ප්‍රජා දිවා සුරැකුම් මධ්‍යස්ථාන ආකෘති හඳුන්වා දීමට පියවර ගෙන ඇත.
එසේම, නොගෙවන සේවා වගකීම් සාධාරණ ලෙස බෙදාගැනීම සඳහා පිරිමින් සහ පිරිමි ළමුන් ද සක්‍රීයව දායක කරගැනීමේ වැදගත්කම මෙම සම්මේලනයේදී අවධාරණය කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here