Artistic Gymnastics World Championships හි කාන්තා කණ්ඩායම් අංශයේ අඛණ්ඩව 8 වැනි වරටත් රන් පදක්කම දිනා ගැනීමට එක්සත් ජනපදය දැරූ උත්සාහය ව්‍යර්ථ කරමින්, චීන කාන්තා ජිම්නාස්ටික් කණ්ඩායම ජයග්‍රහණය අත්කර ගැනීමට සමත් විය.
නෙදර්ලන්තයේ රොටර්ඩෑම් හිදී පැවැත්වෙන මෙම තරගාවලියේදී, තරගයේ අවසන් අදියර වූ Floor Routine තරගයේදී චීනයේ Qiu Qiyuan හිමිකරගත් ලකුණු 12.833ත් සමඟින් චීනය මෙම තියුණු ජයග්‍රහණය සටහන් කළේය.
චීන කණ්ඩායම මුළු ලකුණු 165.764ක් ලබා ගනිමින් තරගය නිමා කළ අතර, ඇමරිකානු කණ්ඩායම පරදා ඔවුන් ඉදිරියට පැමිණියේ ලකුණු 0.233ක ඉතා සුළු පරතරයකිනි. 2006 වසරෙන් පසුව චීන කාන්තා ජිම්නාස්ටික් කණ්ඩායමක් ලෝක ශූරතාවලියක කණ්ඩායම් රන් පදක්කම දිනාගත් පළමු අවස්ථාව මෙය වේ.
තරගාවලියේ ලෝකඩ පදක්කම ජපානය හිමිකර ගත් අතර, ප්‍රංශයට හිමිවූයේ 4 වන ස්ථානයයි. 2010 වසරෙන් පසුව එක්සත් ජනපද කාන්තා කණ්ඩායම ලෝක ශූරතාවලියකදී රන් පදක්කම අහිමි කරගත් පළමු අවස්ථාව මෙය වන අතර, Balance Beam අංශයේදී ඔවුන් අතින් සිදු වූ වැරදි කිහිපයක් මෙම පරාජයට ප්‍රධාන වශයෙන් හේතු විය.
මූලාශ්‍රය Al jazeera




