තමන්ගේම දරුවන් තිදෙනා ඝාතනය කළා යැයි චෝදනාවට ලක්වූ ඇමෙරිකානු මව තමන්ට එරෙහි මිනීමැරුම් චෝදනා අහෝසි කරන ලෙස අධිකරණයෙන් ඉල්ලයි

0
25

තමන්ගේම කුඩා දරුවන් තිදෙනා ඝාතනය කිරීමේ චෝදනාවට ලක්ව සිටින ඇමෙරිකානු ජාතික ලින්ඩ්සේ ක්ලැන්සි නැමැති මව, තමාට එරෙහිව පවරා ඇති පළමු පෙළ මිනීමැරුම් චෝදනා ඉවත් කරන ලෙස ඉල්ලමින් නැවතත් අධිකරණය හමුවේ පෙනී සිට ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ ප්ලිමවුත් මහා අධිකරණයේ විනිසුරු විලියම් සුලිවාන් (William Sullivan) හමුවේ පෙනී සිටි ඇයගේ නීතිඥ කණ්ඩායම සඳහන් කර සිටියේ, මෙම නඩුව නැවත විභාග කිරීම මගින් ඇගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් උල්ලංඝනය වන බවයි.

පසුගිය නඩු විභාගයේදී ජූරි සභාවේ එකඟතාවයකට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් නඩුව අහෝසි වූ අතර , පැමිණිල්ල විසින් නැවත නඩුවක් පවත්වාගෙන යාමට උත්සාහ කිරීම් ‘දෙවරක් එකම වරදට වරදකරු නොකිරීමේ’ (Double Jeopardy) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත ප්‍රතිපත්තියට පටහැණි බව විත්තියේ නීතිඥවරුන් අධිකරණය හමුවේ තර්ක කර ඇත.

කෙසේ වෙතත්, නීතිපති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි පැමිණිල්ල මෙහිදී කියා සිටියේ ඝාතනයට ලක්වූ දරුවන් තිදෙනා වෙනුවෙන් සාධාරණය ඉෂ්ට කිරීම සඳහා නැවත නඩු විභාගයක් පැවැත්වීමට තමන්ට අයිතියක් ඇති බවයි.

Al Jazeera

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here