දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ රැස්වෙති

0
53

දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ – ශ්‍රී ලංකා, සංවිධානයේ (SAWM-SL) 2026/2027 වසර සඳහා වන වාර්ෂික මහ සභා රැස්වීම පසුගිය 24 වැනි සෙනසුරාදා කළුතර ටැංජරින් බීච් හෝටලයේදී පැවැත්විණි.

සංවිධානය නියෝජනය කරමින් මාධ්‍යවේදිනියන් රැසක් ඊට සහභාගී වූ අතර ඔවුන්, ගෙවී ගිය වසර තුළ සංවිධානයේ ක්‍රියාකාරකම් සහ ප්‍රගතිය පිළිබඳව පුළුල් සමාලෝචනයක් එහිදී සිදු කර තිබේ.

ඒ අනුව, පසුගිය වසර තුළ සංවිධානයේ වර්ධනය හා ක්‍රියාකාරකම් පුළුල් කරගැනීම වෙනුවෙන්, වගකීම් සහගත කෘත්‍රිම බුද්ධිය භාවිතය සහ තාක්ෂණය ඔස්සේ සිදුවන ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය වැනි මාතෘකා ඇතුලත් ධාරිතා සංවර්ධන වැඩමුළු ඇතුළු විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ.

එම අවස්ථාවට සමගාමීව සංවිධානයේ සාමාජිකාවක වන මරියන් ඩේවිඩ් රචිත “I Wear My Watches Stopped” කාව්‍ය සංග්‍රහය පිළිබඳ සාකච්ඡාවක්ද පැවැත්විණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here