දින පහක් ඇතුළත ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් කේටි සකාරියා ඉවත් කරයි!

0
16

ධවල මන්දිරයේ නව මාධ්‍ය ලේකම්වරිය ලෙස පත් වූ කේටි සකාරියා (Katie Zacharia) පත්වී දින පහක් වැනි කෙටි කාලයක් ඇතුළත එම ධුරයෙන් ඉවත් කර තිබේ. ඒ අනුව ඇය ඇමෙරිකානු ඉතිහාසයේ කෙටිම කාලයක් ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරය හෙබවූ පුද්ගලයා බවට පත් වෙයි.

ඇය පැවැත්වූ පළමු මාධ්‍ය හමුව සම්බන්ධයෙන් එල්ල වූ දැඩි විවේචන සහ ඇය නීතිඥ විභාගය (Bar Examination) සමත්ව නොමැති බව පිළිගැනීමත් සමඟ ඇගේ නීතිමය සුදුසුකම් පිළිබඳව ප්‍රශ්න මතුවීම මෙම ඉවත් කිරීමට හේතු වී තිබේ. මෙම තත්ත්වය හමුවේ ඇයට අදාළ තනතුර පිළිබඳව නැවත සිතා බලන ලෙස තමන් උපදෙස් දුන් බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here