බංගලාදේශයට එරෙහිව විශිෂ්ට දස්කම් දැක්වූ ලිමන්සා තිලකරත්න තරගයේ වීරයා වෙයි!

0
17

පාකිස්ථානයේ ෆයිසලාබාද් හිදී පැවැති වයස අවුරුදු 19න් පහළ කාන්තා T20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ බංගලාදේශයට එරෙහිව පැවැති තරගයේදී විශිෂ්ට තුන්ඉරියව් දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකාවේ ලිමන්සා තිලකරත්න තරගයේ වීරයා (Player of the Match) ලෙස සම්මාන දිනා ගැනීමට සමත් වූවාය.

මෙම තරගයේදී පන්දු යැවීමෙන් ක්‍රියාත්මක වූ ඇය, පන්දුවාර 4ක් තුළ ලකුණු 13කට කඩුලු 3ක් බිඳහෙළීමට සමත් වූවාය. ඊට අමතරව පිතිකරණයෙන් ද නොදැවී ලකුණු 10ක් රැස් කරමින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළාය. හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණිය වන 16 හැවිරිදි ලිමන්සා, වමතින් පිත්ත හසුරුවන ප්‍රහාරාත්මක පිතිකාරිනියක මෙන්ම පා පන්දු (Leg-spin) යවන්නියක ලෙස ජාත්‍යන්තර පිටියේ වේගයෙන් නැඟී එන දක්ෂ ක්‍රීඩිකාවක් ලෙස හැඳින්විය හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here