පාකිස්ථානයේ ෆයිසලාබාද් හිදී පැවැති වයස අවුරුදු 19න් පහළ කාන්තා T20 තුන්කොන් ක්රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ්රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්රිකට් කණ්ඩායම සමත් විය. අවසන් මහා තරගයේදී බංගලාදේශ කණ්ඩායම පරදවමින් ශ්රී ලංකා ක්රීඩිකාවන් මෙම ජයග්රහණය වාර්තා කළේ ලකුණු 4ක පරතරයකින්.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 158ක් රැස් කරන්නට සමත් විය. එහිදී ආරම්භක පිතිකාරිනිය සංජනා කාවින්දි පන්දු 44කින් ලකුණු 64ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත් වූවාය. පිළිතුරු ඉනිම ක්රීඩා කළ බංගලාදේශ වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 154ක් පමණි. ශ්රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් චමුදි ප්රබෝධා සහ චමෝදි හේරත් කඩුලු 2 බැගින් බිඳහෙළමින් කණ්ඩායමේ ජය තහවුරු කළහ.
සටහන | කල්පනී ෂමල්කා
මූලාශ්රය Sri Lanka Cricket ෆේස්බුක් පිටුව




