ශ්‍රී ලංකා-බංග්ලා­දේශ කාන්තා විස්සයි20 අද සිට

0
26

සංචා­රක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩා­යම සහ බංග්ලා­දේශ කාන්තා කණ්ඩා­යම අතර තරග 3කින් සම­න්විත විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලිය අද (28) සිලෙ­ට්හිදී ආරම්භ වෙයි.

චමරි අත­ප­ත්තුගේ නාය­ක­ත්ව­යෙන් යුත් ශ්‍රී ලංකා සංචි­ත­යට රශ්මිකා සෙව්වන්දි සමඟ ජාත්‍ය­න්තර තරග වරම් ලබා නැති මිතලි අයෝද්‍යා එක්වන අතර, නිමා වූ එක්දින තර­ගා­ව­ලි­යට ක්‍රීඩා කළ පියුමි වත්සලා, චේතනා විමුක්ති සහ කාව්‍යා කාවින්දි මේ සංචි­ත­යට එක් නොවේ. ත්‍රිකු­ණා­ම­ලය දිස්ත්‍රි­ක්කයේ කන්තලේ මැදි මහ විදු­හල් ක්‍රීඩි­කා­වක වන 19 හැවි­රිදි මිතලි රජ­ඇළ විද්‍යා­ල­යෙන් මූලික අධ්‍යා­ප­නය හදාරා තිබේ. වේග පන්දු යවන තුන් ඉරි­යව් ක්‍රීඩි­කා­වක් වන ඇය නැඟී­එන කණ්ඩා­යම් අතර ආසි­යානු කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලි­යේදී ශ්‍රී ලංකා පිල නියෝ­ජ­නය කළාය.

බංග්ලා­දේශ සංචි­ත­යට ජාත්‍ය­න්තර විස්සයි20 තරග වරම් ලබා නැති 32 හැවි­රිදි සර්මින් සුල්තානා ඇතු­ළත් කර තිබේ.

ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩා­යම – චමරි අත­පත්තු (නායිකා), හසිනි පෙරේරා, ඉමේෂා දුලානි, හංසිමා කරු­ණා­රත්න, කෞෂානි නුත්‍යාං­ගනා, හර්ෂිතා සම­ර­වි­ක්‍රම, නිලක්ෂි ද සිල්වා, රශ්මිකා සෙව්වන්දි, කවීෂා දිල්හාරි, දෙව්මි විහංගා, මල්කි මදාරා, මිතලි අයෝද්‍යා, ඉනෝකා රණ­වීර, සුග­න්ධිකා කුමාරි, නිමේෂා මදු­ෂානි.

dinamina.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here