කාන්තා ඔබ සැමරීමට The Voice of Women…!

Author

Categories

Share

එළඹුණු 2025 වසරේ කාන්තා ඔබ සැමරීම උදෙසාම ආරම්භ කෙරුණු The Voice of Women වෙබ් අඩවිය වෙත ඔබ සැම සාදරයෙන් පිළිගනිමු!

The Voice of Women යනු කාන්තාවන්ගේ හඬට නව ජීවයක් ලබාදීමට, ඔවුන් බලගැන්වීමට කැප වූ අවකාශයකි. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය තහවුරු කිරීම සඳහා තවමත් කටයුතු කෙරෙමින් පවතින සමාජයක, අර්ථවත් වෙනසක් ඇති කිරීමට අපි කැපවී සිටිමු.

මෙහිදී අපගේ ප්‍රමුඛතම මෙහෙවර වන්නේ අතුරුදහන් සිය ප්‍රියයන් වෙනුවෙන් යුක්තිය යදින උතුරේ – දකුණේ අම්මාවරුන්ගේ සිට ක්ෂුද්‍ර ණය මූල්‍ය උගුලේ සිරවී සිටින කතුන් දක්වා මෙන්ම සමාජ ආන්තිකරණයට ලක්වූ ජන කණ්ඩායම් හි කාන්තා නියෝජනයන්, ආර්ථික හා සමාජ ක්‍රමය තුළ පීඩිත කතුන්, ඇතුළු වයස් භේදයකින් තොරව සමස්ත කාන්තාවන් මුහුණ දෙන ගැටළු කෙරෙහි නීති සම්පාදකයින්ගේ අවධානය යොමුවන තැනට කටයුතු සැලසීමයි. The Voice of Women ඔස්සේ ඔවුන් බලගැන්වෙන සුළු කතාන්දර ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

එමෙන්ම, සමාජ හා සංස්කෘතික පරිවර්තනයන් කරා යන ගමනේ ව්‍යාපාර සහ තාක්ෂණික අංශවලින් ඉදිරියට පැමිණෙන, කැපී පෙනෙන දියුණුවක් අත්කරගනිමින් සිටින කතුන්ගේ ජයග්‍රහණ, සාර්ථකත්වය, ඔවුන් මුහුණ දෙන අභියෝග පිළිබඳ The Voice of Women වෙබ් අඩවියෙන් ඉදිරිපත් කරන්නෙමු. ඒ අනුව, අධ්‍යාපනය, සෞඛ්‍යය ඇතුළු සියලු ක්ෂේත්‍ර ආවරණය කරමින් පුවත්, විශේෂාංග, වීඩියෝ දිනපතා ඔබ වෙත ගෙන ඒමට අපි සුදානම්.

The Voice of Women තවත් කාන්තා වෙබ් අඩවියක් පමණක් නොව එය සමස්ත කාන්තාවන්ගේ නියෝජනයකි. එබැවින්, ඔබේ කතාව අප සමඟ බෙදා ගන්න, වඩා හොඳ හෙටක් ගොඩ නගන්න, අප හා එක්වන්න…!

-The Voice of Women කණ්ඩායම

Author

Share