ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ (ICC Women’s Cricket World Cup – 2025) මෙතෙක් ඉන්දියාවේ පැවති තරග සදහා සහභාගී වීමට එරට රැදී සිටි ශ්‍රී ලංකා සහ ඉන්දීය ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම් දෙක, විශේෂ ගුවන් යානයකින් ඊයේ (01) රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
ඒ මෙරට දී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ඉදිරි තරග සදහා සහභාගී වීමට යි.
කණ්ඩායම් දෙක ඊයේ (01) රාත්‍රී 08.35 ට ඉන්දියාවේ ගුවාටි සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8 ඩී . – 522 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
මොවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.