මීමුරේ ගල්ගුහාවේ සිදුවීම සහ අපයෝජනයෙන් උදම් අනන සමාජය

    0
    20

    කෙසේ නමුත් සිදුවීම එපරිදි නම් මෙය අටමස්ථානාධිපති විසින් කරන ලද බරපතළ අපරාධය ගණයටම ලා සලකන්න සිද්ධ වෙනවා. මේ අපයෝජකයන්ටත්, අටමස්ථානයේ අපයෝජකයාටත් සාධාරණව නීතිය ක්‍රියාත්මක විය යුතු වෙනවා.

    කොහොම වුණත් කරුණු දැන් වාර්තා වෙන අන්දමට මේ දැරිය පාසල් යන අතරේම අපයෝජනයට ලක්වෙනවා. ඇයට මේ ගැන කියාගන්න කෙනෙක් නැති වෙනවා. ඇය සමඟ ඇගේ පවුලේ අයගේ තිබුණු සම්බන්ධය කෙබඳුද? ඇගේ පාසලේ ගුරුවරුන් හෝ මිතුරියන්වත් මේ සිදුවීම ගැන ඇයට කිව හැකි තරමේ සමීපත්වයක් නොතිබුණේ ඇයි?

    ඇය ජීවත් වූ සමාජ පරිසරය අතිශය අවදානම්කාරී එකක් බවයි මෙතනදී පැහැදිලි වෙන්නේ. එය එබඳු නම් මේ අවදානමට මුහුණ දෙන්නේ ඇය පමණක් නෙමෙයි. තවත් බොහෝ පාසල් වියේ පසුවන්නියන් මේ අවදානම තුළ ජීවත් වෙනවා විය හැකියි.

    මෙවන් දුෂ්කර පළාත්වල මේ දැරියන් මුහුණ දෙන ගැටලු වගකිව යුතු කෙනෙකුට කියා ගත හැකි පරිසරයක් පාසල තුළ හෝ නිර්මාණය විය යුතු නොවේද? මේ දරුවන් ජීවත් වන පවුල් පසුබිම්වල අවදානම්කාරී බව සැලකිල්ලට ගත යුතු නොවේද?

    ළමාරක්ෂාව යනු වරදක් වූ පසු ඒ වරදකරුවන්ට දඬුවම් කිරීම පමණක් නොවේ. එවන් සිදුවීම් සිදුවිය හැකි සමාජ සහ පවුල් පසුබිම් හඳුනාගනිමින් නැවත මෙවන් සිදුවීම් නොවන්නට මේ අයට ආරක්ෂිත පසුබිමක් නිර්මාණය කිරීමට මැදිහත්වීමයි වැදගත්.

    තවදුරටත් කිව්වොත්, පවුලක් හැටියටත්, පාසලක් හැටියටත්, සමාජයක් හැටියටත් අසමත්වීමක් හැටියෙන් මේ සිදුවීමේ වගකීම බාරගන්න වෙනවා.

    නමුත් ඒ වෙනුවට දැන් අපි සමාජ මාධ්‍යවල දකිමින් තියෙන්නේ මොකක්ද? මෙය බරපතළ කාන්තා අපයෝජනයක් බව හෙළිවීමෙන් පිනා ගිය පිරිසක් එය ප්‍රේම කතාවක් ලෙස වර්ණනා කළ පිරිසකට විහිළුතහළු කරමින් ඉන්නවා. වෙන විදිහකට කිව්වොත් මෙය ප්‍රේම කතාවක් නොවී අපයෝජනයක් වීම ගැන ඔවුන් ජයග්‍රාහී සතුටක් භුක්ති විඳිනවා. ඇත්තටම එය කොයිතරම් හිරිකිතද?

    මෙය අපයෝජනයක් නොවී ආදර කතාවක් ලෙස කෙළවර වුණා නම් ඇත්තටම හොඳය. නමුත් මේ අවාසනාවන්ත සිදුවීම තමන්ගේ ජයග්‍රහණයක් ලෙස සලකමින් පුරසාරම් දොඩන පිරිසක් සිටින බව දැකීම භයානකය. ඔවුන් ආදරය වෙනුවට අපයෝජනයෙන් උදම් අනන්නෝය.

    චින්තන ධර්මදාස

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here