සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක් වූ ඉමාන් කලීෆ් නැවතත් තරඟබිමට

0
19

2024 පැරිස් ඔලිම්පික් උළෙලේදී කාන්තා වෙල්ටවේට් අංශයේ රන් පදක්කම දිනාගැනීමෙන් අනතුරුව, කලීෆ් නිල තරගයකට සහභාගී වූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. ඇයගේ මෙම මංගල වෘත්තීය සටන පැවැත්වෙන්නේද ඇය ඔලිම්පික් ඔටුනු පැළඳි ප්‍රංශයේ අගනගරයේදී වීම තවත් විශේෂත්වයකි.

වට හයකින් සමන්විත මෙම සටනේදී ඇයගේ ප්‍රතිවාදිනිය වන්නේ නෙදර්ලන්තයේ 21 හැවිරිදි බොක්සිං ක්‍රීඩිකා ක්ලැරිඩා සරබියා ය. ජයග්‍රහණ හතරක අපරාජිත වෘත්තීය වාර්තාවක් හිමි සරබියා පැරිස් වළල්ලට පිවිසෙන්නේ දැඩි අභියෝගයක් එල්ල කරමිනි. කෙසේ වෙතත්, ප්‍රංශ බොක්සිං සම්මේලනය විසින් කලීෆ් වෙත වෘත්තීය බලපත්‍රයක් නිකුත් කර ඇති අතර, මීට පෙර අප්‍රේල් මාසයේදී ජූලියා ඉගල් සමඟ පැවැත්වීමට තිබූ තරගයක් ආබාධයක් හේතුවෙන් අතහැර දැමීමට සිදුවීම නිසා ඇය ක්‍රීඩා ලෝලීන් හමුවට පැමිණෙන්නේ දිගු කලක විරාමයකට පසුවය.

පැරිස් ඔලිම්පික් උළෙලේදී ඇය ලැබූ මෙම අතිවිශිෂ්ට ජයග්‍රහණය පහසු එකක් වූයේ නැත. ඇයගේ ස්ත්‍රී-පුරුෂ භාවය ප්‍රශ්නාර්ථයක් බවට පත් කරමින් ජාත්‍යන්තර බොක්සිං සංගමය ඇය 2023 ලෝක ශූරතාවලියෙන් ඉවත් කිරීමත් සමඟ දැවැන්ත මතභේදයක් හටගත්තේය. ඇගේ ලිංගික ක්‍රෝමසොම පරීක්ෂණ මත පදනම්ව සංගමය එම තීරණය ගෙන තිබිණි.

බොක්සිං වළල්ලෙන් ඈත්ව සිටීමට සිදු වූ එම දෙවසරකට වැඩි දුෂ්කර කාලය පිළිබඳව මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් කලීෆ් මෙසේ පැවසුවාය.

තම ආගමනය හුදෙක් පුද්ගලික ජයග්‍රහණයකට එහා ගිය අරුතක් ගෙන දෙන බව ඇය අවධාරණය කළාය. “මොකද, මේ සටන කවරවිටකවත් මගේ පමණක් වුනේ නැහැ. එය පසුබැසීම ප්‍රතික්ෂේප කළ සියලු දෙනා වෙනුවෙන් කළ සටනක්. වෘත්තීය තරග බිමට එන්න දැන් කාලය ඇවිත් තියෙනවා.”

කෙසේ වෙතත්, ක්‍රීඩාවේ ස්ත්‍රී-පුරුෂ සුදුසුකම් පරීක්ෂණ සම්බන්ධයෙන් පවතින විවාදය නිසා 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේදී කලීෆ්ගේ අනාගතය තවමත් අපැහැදිලි ය. 2028 ඔලිම්පික් බොක්සිං ක්‍රීඩාව අධීක්ෂණය කරන ලෝක බොක්සිං ආයතනය ජානමය පරීක්ෂණ අනිවාර්ය කර ඇති අතර, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව එම පරීක්ෂණ පවත්වන්නේ නම් පමණක් ඊට මුහුණ දීමට සූදානම් බව කලීෆ් මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

මේ සම්බන්ධයෙන් ලෝක බොක්සිං ආයතනයට එරෙහිව ඇය පැමිණිලි ගොනු කර ඇති බැවින්, 2028 ඔලිම්පික් ශූරතාව රැකගැනීම පිළිබඳව නිශ්චිත පිළිතුරක් ලබා දීම ඇය ප්‍රතික්ෂේප කරයි. එපමණක් නොව, ඇයගේ පුහුණුකරු වන කමෙල් අබ්ඩෙසෙලම් පවසන්නේ තවදුරටත් ඔලිම්පික් ක්‍රීඩා උළෙලකට සහභාගී වීම කලීෆ්ගේ අපේක්ෂාව නොවන බවයි.

ඔහු පවසයි.

තම ක්‍රීඩිකාව බොක්සිං දිවංගත දැවැන්තයා වන මොහමඩ් අලි සමඟ සැසඳීමට ලක් කරන පුහුණුකරු අබ්ඩෙසෙලම්, ඉදිරි සටන් කිහිපයක් ඇතුළත කලීෆ් ලෝක ශූරතාවක් දිනාගනු ඇති බවට දැඩි විශ්වාසය පළ කරයි. “අපට අවශ්‍ය වන්නේ කලීෆ්ව ලෝකයේ ඉහළින්ම තියන්නයි,” ඔහු අවසන් වශයෙන් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here