2027 ICC කාන්තා ශූරයන්ගේ කුසලාන තරගාවලියට එක්වීමට ශ්‍රී ලංකා කාන්තා පිලට සෘජු සුදුසුකම්

0
10

වත්මන් සුදුසුකම් ලැබීමේ ක්‍රියාවලියේ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් සිටීම හේතුවෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙම දැවැන්ත තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා ඇත.

ලොව ප්‍රමුඛතම කාන්තා ක්‍රිකට් කණ්ඩායම් තරග වදින මෙම ජාත්‍යන්තර තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කිරීම සඳහා අවශ්‍ය සියලුම පහසුකම්, සම්පත් සහ සහයෝගය නොඅඩුව ලබාදෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කරයි. තවද, මෙම මංගල තරගාවලිය සාර්ථක ලෙස පවැත්වීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, තරගාවලිය පවත්වනු ලබන සත්කාරක රට සහ අනෙකුත් සියලුම පාර්ශ්වකරුවන් සමඟ සමීපව කටයුතු කිරීමට සූදානම් බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.

Newsfirst.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here